විශ්‍රාම වැටුප් ප්‍රතිපාදන සදහා කැබිනට් පත්‍රිකාවක් !

Published in පුවත්
Wednesday, 08 November 2023 20:07

විශ්‍රාම වැටුප් සංශෝධනය සඳහා ප්‍රතිපාදන වෙන්කර ගැනීමට කැබිනට් පත්‍රිකාවක් සකස් කර ඇති බවත්, එම කැබිනට් පත්‍රිකාවට අනුමැතිය ලබා ගැනීම සඳහා කටයුතු කරමින් සිටින බවත්, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසා ඇත.

අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමිනි.

2015.12.31 ට පෙර සහ 2016.01.01 සිට 2020.01.01 දක්වා විශ්‍රාම ගොස් ඇති සියලු ම විශ්‍රාමිකයන් වෙත, විශ්‍රාම වැටුප් සංශෝධනය සඳහා වාර්ෂිකව රුපියල් මිලියන 67,608ක් අවශ්‍ය වන බවයි අග්‍රාමාත්‍යවරයා පවසන්නේ.

“රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 03/2016 හි විධිවිධාන අනුව විශ්‍රාම වැටුප් සංශෝධනය කිරීම සඳහා අවස්ථා දෙකක දී (02) රජය විසින් උත්සාහ දරනු ලැබුවත් පැවති මූල්‍ය හා ආර්ථික දුෂ්කරතා හමුවේ ඒ සඳහා ප්‍රමාණවත් මුල්‍ය ප්‍රතිපාදන වෙන් කිරීමට නොහැකි වීමත්, රජයේ ප්‍රමුඛතා වෙනස් වීමත්, විශ්‍රාමිකයින් සියලු දෙනාටම ප්‍රමාණවත් සහනයක් ලබාදිය යුතු බවට වූ රාජ්‍ය ප්‍රතිපත්තියත් හේතුවෙන් යම් ප්‍රමාදයක් සිදු වී ඇති නමුත් මඟ හැරීමක් සිදු වී නොමැත” යනුවෙන්ද අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවා.

 

-P.M

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us