තැපැල් වැඩවර්ජනය අවසන් !

Published in පුවත්
Friday, 10 November 2023 09:39

නුවරඑළිය හා මහනුවර තැපැල් කාර්යාල විකුණා දැමීමට එරෙහිව විරෝධය පළ කරමින් පැය 48 ක් පුරා පැවති තැපැල් සේවක සංකේත වැඩ වර්ජනය ඊයේ මධ්‍යම රාත්‍රියේන් අවසන් විය.

වර්ජනය හේතුවෙන් ලිපි ඇතුළු තැපැල් භාණ්ඩ ලක්ෂ 10 ක් පමණ ගොඩ ගැසී ඇති බව ඒකාබද්ධ තැපැල් වෘත්තිය සමිති එකමුතුවේ කැඳවුම්කරු චින්තක බණ්ඩාර සඳහන් කරමින් කියා සිටියේ ඒවා කඩිනමින් බෙදා හැරීමට කටයුතු කරන බවයි.

තැපෑල අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කර නිවාඩු අවලංගු කර තිබියදී තැපැල් සේවකයින් සැලසුම් කළ වැඩ වර්ජනය එලෙසම ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳව තැපැල්පතිවරයාගෙන් මාධ්‍ය විසින් විමසීමක් කිරීමේදී ඔහු පවසා ඇත්තේ විෂය භාර අමාත්‍යවරයා හා ලේකම්වරයා සමග සාකච්ඡා කර ඒ සම්බන්ධයෙන් පියවර ගන්නා බවත් කෙසේ වෙතත් නුවර එළිය තැපැල් කාර්යාලය නාගරික සංවර්ධන අධිකාරිය යටතට පත් කර ඵලදායී අයෝජනයකට යොදා ගැනීමේ තීරණයේ වෙනසක් නොමැති බවත්ය .

 

-P.M

Last modified on Friday, 10 November 2023 09:54

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us