ජාතික ඖෂධ අධිකාරියේ හිස් වූ පුටුවට කාන්තා නියෝජනයක් !

Published in පුවත්
Friday, 10 November 2023 09:51

ජාතික ඖෂධ නියාමන අධිකාරියට වැඩබලන ප්‍රධාන විධායක නිලධාරිවරියක වශයෙන් ජ්‍යේෂ්ඨ රාසායන විද්‍යාඥ ඩී.ඩී බුලත්සිංහල මහත්මිය පත් කර තිබේ.

එහි සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම සඳහන් කළේ, අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් එම පත් කිරීම සිදු කර බවයි.

ඉදිරියේදි ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරි තනතුර සඳහා ස්ථිර පත්කිරීමක් සිදු කරන බවත් ඔහු කියා සිටියා .

ප්‍රමිතියෙන් තොර ඖෂධ ආනයනය සම්බන්ධයෙන් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපතිවරයා , ප්‍රධාන විධයක නිලධාරියා ඇතුළු පාර්ශවයට පසුගිය කාලයේ දැඩි චෝදනා එල්ල විය. ඒ අනුව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස කටයුතු කළ වෛද්‍ය විජිත් ගුණසේකර පෙරේදා එම තනතුරෙන් ඉවත් කෙරිණ.

එහි සභාපතිවරයාද පසුගියදා ඉවත් කළ අතර එහි නව සභාපතිවරයා ලෙස පත් කෙරණේ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රමයි.

 

-P.M

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us