ජාතික වෘත්තීය සුරක්ෂිතතා ප්‍රතිපත්තිය යාවත්කාලීන කිරීමට පියවර !

Published in පුවත්
Friday, 10 November 2023 10:29

සේවා ස්ථානවල සෞඛ්‍ය සහ ආරක්ෂාව තහවුරු කරමින් මෙරට සියලුම වෘත්තිකයින්ගේ සුරක්ෂිතභාවය තහවුරු කරමින්, නූතන වැඩ ලෝකයට ගැලපෙන පරිදි ජාතික වෘත්තීය සුරක්ෂිතතා හා සෞඛ්‍ය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය යාවත්කාලීන කරමින් නව ක්‍රියාකාරී සැලැස්මක් එළැඹෙන ජනවාරී මාසයේදී එළිදක්වන ලෙස කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර විසින් අදාළ බලධාරීන්ට උපදෙස් දෙනු ලැබිය.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ජාතික වෘත්තීය සුරක්ෂිතතා හා සෞඛ්‍ය ආයතනයේ නිලධාරීන් සහ ඊට අදාල පාර්ශවකරුවන් සමඟ ඊයේ (09) පැවති සාකච්ඡාවක් අතරතුරදීය.

එහිදී අමාත්‍යවරයා ඒ පිලිබදව පැහැදිලි කරමින් කියා සිටියේ නූතන වැඩ ලෝකයට ගැලපෙන පරිදි සහ නූතන ලෝකයේ රැකියාවන් හී නිරත වන්නන් හට ඇති වන සෞඛ්‍යමය අභියෝග නිසි ලෙස හඳුනා ගනමින් ඊට නිසි ලෙස පිළියම් යෙදවීමට හැකිවන පරිදි මෙම ප්‍රතිපත්තිය යාවාත්කාලීන කළයුතු බවටයි.

ජාතික වෘත්තීය සුරක්ෂිතතා හා සෞඛ්‍ය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය මුල්වරට 2016 වර්ෂයේ හදුන්වා දුන්නද එය වර්ථමාන වැඩ ලෝකයට ගැලපෙන පරිදි යාවත්කාලීන කිරීමේ වැදගත්කම මෙම සාකච්ඡාවේදී අනාවරනය වූ අතර මෙතෙක් ඇතුළත් නොවූ ක්ෂේත්‍රයන් ඇතුළත් කිරීමේ වැදගත්කමද සාකච්චාවට ලක්වුණා.

මෙම නව යාවත්කාලීන කළ ප්‍රතිපත්තිය ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ ප්‍රතිපත්තීන්ට හා ප්‍රඥප්තීන්ට අනුගත වන ආකාරයෙන් සහ ජාත්‍යන්තර මට්ටමින් පිළිගන්නා ආකාරයෙන් සකස් කළයුතු බවද ඒ සදහා අමාත්‍යවරයා විසින් ඉදිරි ඉලක්ක සදහා ප්‍රතිපත්ති සමාලෝචන කමිටුවක්ද පත් කරනු ලැබූවා .

 

-P.M

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

ක්‍රීඩා

Connet With Us