ගංවතුරට හානි වූ කුඹුරු අක්කර 11,757ක් ! කඩිනමින් වන්දි ලබා දෙන්නට ඇමතිගෙන් උපදෙස් !

Published in පුවත්
Friday, 10 November 2023 10:14

පසුගිය යල කන්නයේ වගා කරන ලද අස්වනු නෙලන්නට ආසන්නව තිබූ කුඹුරු අක්කර 11,757ක් ගංවතුර නිසා විනාශයට ලක්ව වාර්තා වේ.

දැනට මාස එකහමාරකට ආසන්න කාලයක් තිස්සේ ඇද හැළෙන ධාරානිපාත වර්ෂාව නිසා ඇතිවූ ගංවතුර හේතුවෙන් මෙලෙස කුඹුරු විනාශ වී ඇති බවයි ගොවින් සදහන් කරන්නේ.

පසුගිය යල කන්නයේ දී පැවැති දීර්ඝ හා දැඩි නියඟය හේතුවෙන් හානියට පත් කුඹුරු පිළිබඳ තොරතුරු රැස්කරන ලෙස කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයට දැනුම් දී තිබුණා.

ඒ අනුව නියඟය නිසා සිදුවූ වගා හානිවීම් කුඹුරු අක්කර 64,088ක් වාර්තා වී තිබෙනවා. වර්ෂාව නිසා සිදුවූ වගා හානි වීම් නිසා ගොවීන් 11,460කට බලපෑම් එල්ල වී ඇති බවත් එහිදී අනාවරණය විය.

මේ හේතුවෙන් නියඟය නිසා සිදුවූ වගා හානි සඳහා පළමුවෙන්ම වන්දි ලබා දීමට පියවර ගන්නා ලෙස කෘෂිකර්ම හා වැවීලි අමාත්‍ය මහින්ද අමරවීර කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපති ඩබ්. එම්. එම්. බී. වීරසේකරට උපදෙස් දී තිබේ.

මෙම වන්දි මෙම වසර තුළම ලබා දෙන ලෙසත්, රජයෙන් මුදල් ලැබීම ප්‍රමාද වුවහොත් මණ්ඩලය සතු මුදල්වලින් හෝ එම වගාහානි වන්දි ගෙවීමට කටයුතු කරන ලෙසත් අමාත්‍යවරයා දැනුම් දී ඇත.

 

-P.M

 

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us