අර්ධකාලීන රැකියාවලටත් නව නීති !

Published in පුවත්
Friday, 10 November 2023 14:21

කාන්තා සේවා නියුක්තිය සම්බන්ධව නව නීතියක් හඳුන්වා දුන්නත් අර්ධ කාලීන රැකියා පිළිබඳ එහි සඳහනක් නොමැති බව ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ නියෝජිත රමනි ගුණතිලක පැවසුවාය.

රජයේ ගණනය කිරීමට යටත් නොවන එවැනි රැකියා සම්බන්ධව වහාම නව නීති හඳුන්වා දීමට අවැසි බවයි ඊයේ (09) දා පවසා ඇත්තේ.

ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයන්ට සිදුවන බලපෑම යටතේ ජාත්‍යන්තර කම්කරු සංවිධානය විසින් වාර්තාවක් සකස් කර ඇති අතර එම පර්යේෂණ වාර්තා වෙනුවෙන් දත්ත, තොරතුරු මහ බැංකු වාර්තා සහ රජය විසින්ඉදිරිපත් කළ දත්ත ඔස්සේ සකස් කර ඇතත් මීට අමතරව මිලියනයක් පමණ ශ්‍රම බළකායක් රටින් පිටවී ගොස් ඇතැයි හඳුනාගත හැකි බව ඇය කීවාය. ආර්ථික අර්බුදය ඇති වීමෙන් පසු 70,000කට පමණ ඍජු රැකියා අහිමි වී ඇති බව දත්ත වාර්තා පෙන්නුම් කළත් එම ප්‍රමාණය ඊට අධික විය හැකි බව ඇය කීවාය. කොවිඩ් - 19 තත්ත්වය පමණක් ආර්ථික අර්බුදයට හේතු නොවූ බවත් කාලයක් තිස්සේ විසඳුම් ලබා නොදුන් ආයතනික ගැටලු සහ වෙළෙඳපොළ අසාර්ථකත්වයන්ට පිළියම් නොදීම මීට හේතු වී ඇති බව ජාත්‍යන්තර කම්කරු සංවිධාන වාර්තා පෙන්වා දෙයි.

ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට ශ්‍රම බළකාය වෙත කාන්තා සහභාගීත්වය අත්‍යවශ්‍ය වුවත් කාන්තාවන් විශාල ප්‍රමාණයක් විසින් අර්ධ කාලීනව කරන රැකියා පිළිබඳ නව කම්කරු නීතිවල ඇතුළත් නොවන බැවින් ඒ පිළිබඳ හැකි ඉක්මනිග් අවධානය යොමු කොට නීති අණ පනත් ගෙන එම වැදගත් බවත් ඇය අවධාරණය කළාය.

Last modified on Friday, 10 November 2023 14:24

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us