දොලවත්ත ගෙනා, තරුණ නියෝජනය 25%ක් කරන යෝජනාව සම්මතයි!

Published in පුවත්
Friday, 10 November 2023 15:11

රටේ තීන්දු තීරණ ගැනීමේ ක්‍රියාවලියේදී තරුණ ප්‍රජාවට වැඩි අවස්ථාවක් ලබාදීම වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී. දොලවත්ත මහතා විසින් ඉදිරිපත් කළ පෞද්ගලික මන්ත්‍රී යෝජනාව අද (10) පාර්ලිමේන්තුවේ දී  සම්මත විය.

262 වන අධිකාරය වූ පළාත් පාලන ආයතන ජන්ද විමසීම් ආඥා පනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පතක් ලෙස ඉදිරිපත් වූ මෙම පෞද්ගලික මන්ත්‍රී යෝජනාව මගින් “ප්‍රජාතන්ත්‍රවාදී නියෝජන ක්‍රමය”‍ වඩාත් ශක්තිමත් කිරීම සඳහා මැතිවරණවලදී තරුණ තරුණියන්ට වැඩි අවස්ථාවක් සලසා දීම සඳහා පළාත් පාලන මැතිවරණයන්හි පළමු සහ දෙවන නාම යෝජනා ලැයිස්තුවල අවම වශයෙන් 25%ක තරුණ නියෝජනය තහවුරු කිරීමට අවශ්‍ය ප්‍රතිපාදන මෙම කෙටුම්පතෙහි ඇතුළත් වී ඇත.

premnath

මෙම පනත් කෙටුම්පත සැකසීම සඳහා තාක්ෂණික සහය Institute of Politics ආයතනය වෙනුවෙන් නීතිඥ අකලංක හෙට්ටිආරච්චි මහතා සහ සංජීව විමලගුණරත්න මහතා විසින් 2022 වසරේදී ලබා දී තිබුණ අතර මෙම පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීම සඳහා පසුබිම සැකසීම සඳහා සත්‍ය ගවේෂී සංවිධානයද මන්ත්‍රී ප්‍රේම්නාත් දොළවත්ත මහතා වෙත සිය සහය ලබා දී තිබුණි.

පෞද්ගලික මන්ත්‍රී කෙටුම්පතක් ඉදිරිපත් කරමින් තරුණ නියෝජනය තහවුරු කිරීමට දොළවත්ත මන්ත්‍රීවරයා ගනු ලැබූ මෙම ක්‍රියාමාර්ගය තරුණ සංවිධාන ගණනාවක් විසින් මේ වනවිට ප්‍රසාදයට ලක් කර ඇත.

Last modified on Friday, 10 November 2023 15:57

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us