ක්‍රිකට් තහනම ඉවත් කරන්න හැකි සෑම උත්සාහයක්ම ගන්නවා - ප්‍රසන්න රණතුංග

Published in පුවත්
Sunday, 12 November 2023 08:56

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් මෙරටට පැනවූ ක්‍රිකට් තහනම ඉවත්කර ගැනීමට පාර්ලිමේන්තුවේ මෙන්ම ඉන් පිටතදීත් ගතහැකි සියලුම ක්‍රියාමාර්ග ගන්නා බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසයි.

මෙරටට පැනවූ ක්‍රිකට් තහනම ඉවත්කරවා ගැනීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය සමඟ සාකච්ඡා කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ රජය කටයුතු කරමින් සිටින බවද අමාත්‍යවරයා කීය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අන්ත දූෂිත ආයතනයක් බව මෙරට සෑම පුරවැසියකුම පිළිගන්නා කරුණක් බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

එබැවින් ජාතික ප්‍රශ්නයක් සේ සලකා පාර්ලිමේන්තුවේ පක්ෂ විපක්ෂ සියලුම දෙනා එකතුව එකතුව යෝජනාවක් සම්මත කරගත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දූෂණය පිටුදැකීමේ අරමුණින් බවද ,එය කිසිසේත්ම දේශපාලන අත පෙවීමක් නොවන බවද අමාත්‍ය ප්‍රසන්න රණතුංග පැවසීය.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය විසින් මෙරටට ක්‍රිකට් තහනමක් පැනවූයේ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි ද සිල්වාගේ ඉල්ලීමට බව ක්‍රික් ඉන්ෆෝ වෙබ් අඩවිය ඇතුළු ජාත්‍යන්තර මාධ්‍ය රැසක් මේ වනවිට වාර්තා කර ඇතැයි කී අමාත්‍යවරයා ශ්‍රී ලංකා ක්‍රිකට් යනු මෙරට ජනතාවගේ පොදු දේපලක් මිස ඔහුගේ පුද්ගලික බූදලයක් නොවේයැයි පැවසීය.

ක්‍රිකට් සභාපතිවරයා මෙවැනි ඉල්ලීමක් කර ඇත්නම් එය රට පාවාදීමක් බව පැවසූ අමාත්‍යවරයා ඊට එරෙහිව විෂය භාර අමාත්‍යවරයා විසින් වහා නීතිමය ක්‍රියාමාර්ග ගත යුතු බව සඳහන් කළේය.

මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා පවසා ඇත්තේ 'තමා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් සත පහක් හොරකම් කර නැති අතර මිනිසුන් ඇවිස්සී සිටින හෙයින් ගෙදර නොසිටින ලෙස පොලිසියෙන් පැමිණ තමාට පැවසු බවත් , තමාගේ ආරක්ෂාවට අද ගැටළුවක් වී ඇතැයිද සදහන් කර ඇත.

තමාට අමුතුවෙන් හරිහම්බ කරගන්න දෙයක් නැතැයිද තමා මුදල් තිබුණු පවුලක අයකු යැයිද ඔහු සඳහන් කර තිබේ.

මේ අතර ශ්‍රී ලංකාවේ ක්‍රිකට් තහනම් කිරීමට ගත් තීරණය සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනයට අද හෙටම අභියාචනයක් ඉදිරිපත් කරන බවත් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ද්වේෂ සහගතව තහනම් කළේ ඇයි දැයි එහිදී විමසන බවද ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ පවසා තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට කිසිදු ආකාරයක දේශපාලන බලපෑම් හෝ අතපෙවීම් කර නැතැයි පැවසූ අමාත්‍යවරයා මුළු පාර්ලිමේන්තුවම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පාලකයන් ගෙදර යා යුතු බව එකහෙළා අනුමත කළ බවද ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සුද්ද කිරීමට අවශ්‍ය සියලු පියවර ගන්නා බවද අමාත්‍යවරයා පවසා ඇත.

 

-P.M

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us