දීපවාලී නිමිත්තේ හෙට සියලු දමිළ පාසැල් වලට නිවාඩු !

Published in පුවත්
Sunday, 12 November 2023 09:07

දීපවාලී උත්සවය නිමිත්තෙන් සියලු දමිළ පාසල් සඳහා හෙට දිනයේ නිවාඩු ලබාදීමට අධ්‍යාපනය අමාත්‍යාංශය තීරණය කර තිබේ.

කෙසේ වෙතත් ඒ වෙනුවට නොවැම්බර් මස 18 වැනි සෙනසුරාදා දින අදාළ පාසල් පැවැත්විය යුතු බව එම අමාත්‍යාංශය පෙන්වා දෙයි. දීපවාලී උත්සවය නිමිත්තෙන් විශේෂ බස් රථ සේවාවක් ද ක්‍රියාත්මක කර ඇති බව ලංකා ගමනා ගමන මණ්ඩලය පවසයි.

එහි සභාපති ලලිත් ද අල්විස් සඳහන් කළේ, ජනතාව ගේ ප්‍රවාහන පහසුකම් බාධාවකින් තොර ව සිදු කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස අදාළ ඩිපෝ වෙත උපදෙස් ලබා දී ඇති බවයි.

මේ අතර, දීපවාලී උත්සවය නිමිත්තෙන් අද (12) දිනයේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ සියලුම මත්පැන්හල් වසා තබන ලෙස සුරාබදු දෙපාර්තමේන්තුව නියෝග කර තිබේ.

ඊට අමතර ව මහියංගනය සහ රිදී මාලියද්ද යන ප්‍රදේශවල හැර බදුල්ල දිස්ත්‍රික්කයේ පිහිටි සියලු මත්පැන්හල් ද අද දිනය තුළ වසා තැබිය යුතු බව සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ලොව පුරා හින්දු බැතිමතුන් මහත් ගෞරවයෙන්, භක්තියෙන් හා උත්සවාකාරයෙන් සමරන දීපාවලී දිනය අදයි. ඉන්දියානු සංස්කෘතික උත්සව අතරින් ප්‍රධාන ස්ථානයක් ගනු ලබන දීපවාලී දිනය හින්දු බැතිමතුන් ගේ වර්ණවත් සංස්කෘතික මංගල්‍යයක් ලෙස සැලකේ.

නව සඳ උදා වීමට සමගාමී ව යෙදෙන දීපවාලී උත්සවය හරහා අයහපත පරදා යහපතත් අදුර පරදා ආලෝකය උදා වීමත් සංකේතවත් කෙරේ.

මෙවර දීපවාලී උත්සවය සැමරීම සඳහා මෙරට හින්දු ජනතාව දැඩි උනන්දුවක් දක්වන බව වාර්තාකරුවෝ සඳහන් කරති.

වි‍ශේෂයෙන් වතුකරයේ ජනතාව පෙර වර්ෂවලට සාපේක්ෂ ව උත්කර්ෂවත් අයුරින් දීපවාලී උත්සවය සැමරීමට සූදානමින් සිටින බව වාර්තා වේ.

 

-P.M

Last modified on Sunday, 12 November 2023 09:40

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us