හිරුණිකා අත්අඩංගුවට ගන්න අධිකරණයෙන් නියෝග !

Published in පුවත්
Sunday, 12 November 2023 09:37

අධිකරණ නියෝග කඩ කරමින් උද්ඝෝෂණයක් පැවැත්වීම සම්බන්ධයෙන් වූ නඩුවක් විභාගයට ගත් අවස්ථාවේ අධිකරණය හමුවේ පෙනී නොසිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු දෙදෙනකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ නියෝග කර තිබෙනවා.

අධිකරණ නියෝග කඩ කරමින් 2022 වසරේ ජූලි 7 දා උද්ඝෝෂණයක් පැවැත්වීම සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු සැකකරුවන් 12 දෙනකුට එරෙහිව ගොනු කර ඇති නඩුව විභාගයට ගත් අවස්ථාවේදීයි මේ නියෝගය නිකුත් කර තිබෙන්නේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ පෞද්ගලික නිවෙසට ගිනි තැබූ පසුගිය වසරේ ජූලි 9 දාට දින දෙකකට පෙර සිදු කළ එම උද්ඝෝෂණයේදී අධිකරණ නියෝග කඩ කළ බවට හිරුණිකා නෙරංජලී ප්‍රේමචන්ද්‍ර, නිරූපමා කරුණානායක, සප්නා දීපිසිකා, චමිලා නිලානි අබේකෝන්, රොසෙල් විජේරත්න, සඳරුවන් රොද්‍රිගු, යූ ප්‍රකාශ්, ගිහාන් අල්මේදා, රවීන්ද්‍ර පනාවිල, විජේරත්න ජයවික්‍රම, රම්සික, කාවින්ද උදයංග ඇතුළු පිරිසකටයි චෝදනා එල්ල වී තිබෙන්නේ.

නඩුව විවෘත අධිකරණයේ කැඳවූ අවස්ථාවේදී අධිකරණයේ පෙනී නොසිටි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර අසනීපයෙන් පසු වන බව ඇය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මඬුල්ල අධිකරණයට දැනුම් දී තිබෙනවා.

ඒ අවස්ථාවේ අසනීපයට අදාළ වෛද්‍ය සහතිකය මහේස්ත්‍රාත්වරයා ඉල්ලා සිටි අතර, එය ඉදිරිපත් කිරීමට අපොහොසත් වීම හේතුවෙන් සැමට නීතිය එක බව කියමින් මහේස්ත්‍රාත්වරයා අදාළ වරෙන්තුවක් නිකුත් කළා.

සිද්ධිය සම්බන්ධයෙන් ඇප මත මුදාහැර ඇති සෙසු සැකකරුවන් 10 දෙනා විවෘත අධිකරණයේ පෙනී සිටියා.

 

-P.M

 

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us