ජනාධිපතිවරයාගෙන් ලැබුණු ප්‍රතිචාර ධනාත්මකයි!

Published in පුවත්
Sunday, 12 November 2023 11:53

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමඟ 11 වන දින පැවති සාකච්ඡාවේදී සිය ඉල්ලීම්වලට යහපත් ප්‍රතිචාර හිමිවු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.



ඖෂධ ගැටලුව ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටලු රැසක් පිළිබඳව එහිදී ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කළ බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ කියා සිටියේ.

" අද දවසේ මේ සම්බන්ධව දීර්ඝ වශයෙන් සාකච්ඡා කළා. යම්කිසි එකඟතාවයකට එන්න අපිට හැකි වුණා.  කෙසේ වෙතත් මේ සියල්ලේ ප්‍රතිඵල ඉදිරි මාස කිහිපය තුළ අපට ලැබෙයි කියලා ඉතාම විශ්වාසයකින් යුතුව බලාගෙන ඉන්නවා. ඒ වගේම 5000ක් වෛද්‍යවරු රඳවාගන්න රජය විසින් කටයුතු කරන්නේ නැත්නම් සෞඛ්‍ය පද්ධතියට වන හානිය ගැන වගකීමක් ගන්න බැහැ. අපට මධ්‍යම සභාව කැඳවන්න අවශ්‍ය නම් ඒ සම්බන්ධව උනත්  කටයුතු කිරීමේ හැකියාව තියෙනවා. අපි මේ මොහොතේ පවතින තත්ත්වය කළමනාකරණය කරගෙන වෛද්‍යවරුන්ට සහ සෞඛ්‍ය පද්ධතියට අවශ්‍ය සාධාරණය ඉෂ්ඨ කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. කොහොම වුණත් ජනාධිපතිවරයාගෙන් ලැබුණු ප්‍රතිචාර ධනාත්මකයි." යනුවෙනි.

- රන්ජනා

Last modified on Sunday, 12 November 2023 11:54

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us