සහන ගෙනෙන අයවැය අද ! පාර්ලිමේන්තුව අවට ආරක්ෂාව තර කරයි !

Published in පුවත්
Monday, 13 November 2023 08:00

2024 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත හෙවත් අයවැය වාර්තාව මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අද (13) දහවල් 12.00 ට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

2024 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත දෙවැනි වර කියවීම හෙවත් ‘අය-වැය කථාව’ ජනාධිපතිවරයා විසින් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසු, දෙවන වර කියැවීමේ විවාදය හෙට (14) ආරම්භ වේ.

රාජ්‍ය සේවකයන් ලක්ෂ 15කගේ වැටුප් වැඩිවීම ඇතුළු රටේ සමස්ත ජනතාවට සහන හා ප්‍රතිලාභ අපේක්ෂිත 2024 වසර සඳහා වන අය-වැය වාර්තාව හි ඇස්තමේන්තුගත වියදම රුපියල් බිලියන 7,326ක් වන අතර පුනරාවර්ථන වියදම් ලෙස රුපියල් බිලියන 5,334ක් ද ප්‍රාග්ධන වියදම් ලෙස රුපියල් බිලියන 1,225ක් වෙන් කර තිබේ.

කෙසේවෙතත් 2024 සඳහා වන අය-වැය ඉදිරිපත් කරන අද (13) දිනයේ දී පාර්ලිමේන්තුව තුළ හා ඒ අවට විශේෂ ආරක්ෂිත වැඩපිළිවෙළක්ද යොදා ඇත.

අය-වැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අද (13) දිනයේ දී මහජන ගැලරිය රාජ්‍ය තාන්ත්‍රික අමුත්තන් සඳහා පමණක් සීමා කර ඇත. එමෙන්ම පාර්ලිමේන්තු රථගාල අද දිනයේ දී වසා තබන බැවින්, මන්ත්‍රීවරුන් පැමි‍ණෙන වාහන අදාළ රථගාල් වෙත යොමු කිරීම සඳහා වැඩපිළිවෙළක්ද සැලසුම් කර ඇත. මෙදින පාර්ලිමේන්තුවට පැමි‍ණීමේ දී, හැකිතාක් දුරට රියැදුරෙකු කැටුව පැමිණෙන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දැනුම් දී ඇති අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින්ම, තම රථය පදවාගෙන එන්නේ නම්, එම මන්ත්‍රීවරුන්ගේ වාහන නියමිත රථගාල වෙත ධාවනය කර ගාල් කරවීම පිණිස මන්ත්‍රී පිවිසුමෙහි පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයට අයත් රියැදුරන් එම සේවාවේ යොදවා ඇත.

මේ අතර අය වැය අවසන් අදියර සකස් කිරීමේ කටයුතු සහ ඉදිරිපත් කිරීම පිළිබඳව සාකච්ඡාවක් ජනාධිපති නිල නිවසේදී පෙරේදා (12) පැවැත්වුණු අතර මුදල් රාජ්‍ය අමාත්‍යවරුන් වන රංජිත් සියඹලාපිටිය, ෂෙහාන් සේමසිංහ, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග, ජනාධිපති උපදේශක සමන් අතාවුදහෙට්ටි, මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන, මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ධනුෂ්ක රාමනායක, ජනාධිපති ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් මධුශංක දිසානායක යන මහත්වරු ඊට එක්ව සිටියහ.

මේ අතර මෙවර අයවැය පිලිබදව අදහස් දක්වමින් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසා ඇත්තේ ජනතාව මුහුණ දෙන කෙටිකාලීන ගැටළු කෙරෙහිත් අවධානය යොමුකරමින් දීර්ඝ කාලීනව රට නගා සිටුවීම පදනම් කරගත් අයවැයක් අද දිනයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි.

-P.M

Last modified on Monday, 13 November 2023 08:05

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us