ඉලක්ක සාර්ථකව ජයගත හැකිවන්නේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමෙන් පමණයි -බන්දුල

Published in පුවත්
Monday, 13 November 2023 08:14

එළැඹෙන 2024 වසරේ සංවර්ධන ඉලක්ක සාර්ථකව ක්‍රියාත්මක කළ හැකි වන්නේ ණය ප්‍රති ව්‍යුහගත කිරීම සාර්ථක කර ගැනීමෙන් අනතුරුව පමණක් යැයි ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසා තිබේ.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ පොළොන්නරුව දිස්ත්‍රික් ප්‍රවාහන හා මාර්ග සැලැස්ම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැති අවස්ථාවේදීය.

පොලොන්නරුව දිස්ත්‍රික්කයේ මාර්ග සහ පාලම් වල පවතින තත්ත්වය සහ ඉදිරි නඩත්තු කටයුතු පිළිබඳ සහ එළඹෙන වසරේ සංවර්ධන සැලසුම් පිළිබඳව මෙහිදී මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් එස් වීරකෝන් විසින් කරුණු පැහැදිලි කරන ලදි.

ලංකා ගමනා ගමන මණ්ඩලය, දුම්රිය දෙපාර්තමේන්තුව විසින් ඉදිරි වසරේ දිස්ත්‍රික්කයේ පවතින පොදු ප්‍රවාහන සේවා ගැටලුසහ සේවාව නගා සිටුවීම උදෙසා සකස් කර ඇති සැලසුමද මෙහිදී ඉදිරිපත් කරන ලදි.

2023 මහ කන්නයේ වගා හානිවූ ගොවීන් වෙනුවෙන් කෘෂි රක්ෂණ මණ්ඩලය මගින් වන්දි පිරිනැමීමද මෙම වැඩසටහනට සමගාමීව අමාත්‍යවරයා ප්‍රමුඛ ආරාධිතයන්ගේ සහභාගීත්වයෙන් සිදු කෙරිණි.

 

-P.M

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us