සීනි නිකුත් නොකරන සියලුම ගබඩාවලට මුද්‍රා තබන්න - වෙළද ඇමතිගෙන් නියෝග !

Published in පුවත්
Monday, 13 November 2023 08:55

මුදල් අමාත්‍යාංශය විසින් සීනි ආනයනය සඳහා වන විශේෂ භාණ්ඩ බද්ද කිලෝවකට ශත 25 සිට රුපියල් 50 දක්වා ඉහළ දැමීමත් සමඟ පිටකොටුව වෙළෙඳපොළේ තොග සීනි කිලෝග්‍රෑමයක් රුපියල් 250 සිට රුපියල් 315 දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

ඒ අනුව, සුදු සීනි සඳහා රුපියල් 275ක් සහ දුඹුරු සීනි කිලෝග්‍රෑමයක් සඳහා උපරිම සිල්ලර මිල රුපියල් 330ක් ලෙස අලෙවි කරන ලෙස සිල්ලර වෙළෙඳුන්ට පාරිභෝගික කටයුතු අධිකාරිය නියෝග කර තිබේ.

මෙම හදිසි බදු වැඩිවීම හේතුවෙන් සීනි කිලෝවකින් රුපියල් 40ක පාඩුවක් සිදුවන බැවින්, අනාගත ආනයන ඇණවුම් අවලංගු කිරීම හැර වෙනත් විකල්පයක් නොමැති බව ආනයනකරුවන් පෙන්වා දෙන අතර, නත්තල් සහ අලුත් අවුරුදු කාලවලදී රට තුළ සීනි හිඟයක් ඇති විය හැකි බවට ඔවුන් අනතුරු අඟවයි.

කෙසේවෙතත් මේ හේතුවෙන් වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු අවධාරණය කර සිටියේ සීනි තොග නිකුත් නොකරන සියලුම ගබඩාවලට මුද්‍රා තැබීමට අවශ්‍ය පියවර ගන්නා බවයි.

සීනි සඳහා මෑතකදී හඳුන්වා දුන් උපරිම සිල්ලර මිලට එරෙහිව කරන එවැනි උත්සාහයන් හෙලා දකින බව අමාත්‍යවරයා සඳහන් කළේය.

අලෙවිකරුවන් කිහිප දෙනෙකු විසින් නියමිත ප්‍රමාණයට වඩා වැඩි මිලට සීනි අලෙවි කරන බවට තොරතුරු ලැබී ඇති බවත්, එවැනි වෙළෙන්දන්ට එරෙහිව ද පියවර ගන්නා බව ඔහු සදහන් කර ඇත.

පාරිභෝගික කටයුතු අධිකාරිය නොවැම්බර් 03 වැනි දින අතිවිශේෂ ගැසට් පත්‍රයක් මගින් සුදු සහ දුඹුරු සීනි සඳහා පාලන මිල නියම කළේය.

ඒ අනුව ඇසුරුම් කළ සහ ඇසුරුම් නොකළ දුඹුරු සීනි පිළිවෙලින් රු. 350/kg සහ රු. 330/kg ක් වන අතර, ඇසුරුම් කළ සහ ඇසුරුම් නොකළ සුදු සීනි රු. 295/kg ක් සහ රු. 275/kg, මීළ ගණන් සංශෝධය වී ඇත.

 

-P.M

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us