විදේශීය නැව්, ගුවන්යානා මෙරටට ඇතුළුවීමේ ක්‍රමවේදය යාවත්කාලීන කෙරේ !

Published in පුවත්
Monday, 13 November 2023 08:40

විදේශීය යුද නැව්, ගුවන් යානා සහ පර්යේෂණ යාත්‍රා සඳහා රාජ්‍ය තාන්ත්‍රික අවසරය ලබාදීම සම්බන්ධයෙන් සිදුකළ යාවත්කාලීන කිරීම් පිළිබඳව විදේශ ධුත මණ්ඩල දැනුවත් කිරීමට තීරණය කර තිබේ.

ඒ සඳහා රාජ්‍ය තාන්ත්‍රික අවසරය ලබාදීම සම්බන්ධයෙන් වන සම්මත මෙහෙයුම් ක්‍රියාපටිපාටිය යාවත්කාලීන කිරීමට අදාළ අමාත්‍ය මණ්ඩල අනුමැතිය ද පසුගිය දා හිමිවු බව විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි සඳහන් කළේය.

ඒ අනුව ශ්‍රී ලංකාව සමඟ එක්ව කටයුතු කරන සියලු රටවල් සහ විවිධ පාර්ශවයන් මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීමට පියවර ගන්නා බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

චීන පර්යේෂණ නෞකාව මෙරට සංචාරය කිරීමට ඉල්ලුම් කිරීමත් සමඟ ඉන්දියාව, චීනය හා ශ්‍රී ලංකාව අතර කිසියම් දේශපාලන අර්බුදකාරී තත්ත්වයක් හටගත්තේය.

චීන නෞකාව මෙරට බටහිර මුහුදු කලාපයේ පර්යේෂණ කටයුතු සඳහා පැමිණෙන බව ප්‍රකාශ කළ ද ඉන්දියාව පැවසුවේ එය තම රට පිළිබඳව ඔත්තු බැලීමක් ලෙසය.

එම තත්ත්වය හමුවේ මෙම නෞකා, ගුවන් යානා සහ පර්යේෂණ යාත්‍රා සම්බන්ධයෙන් සම්මත මෙහෙයුම් ක්‍රියාපටිපාටිය සමාලෝචනය කිරීමට රජය තීරණය කරනු ලැබීය.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් ජාතික ආරක්ෂක කවුන්සිලයේ දී ද සාකච්ඡාවට ලක්ව ඇති බව වාර්තා වේ.

 

-P.M

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us