සෝමාවතී රක්ෂිතයේ සිදුවන අලි ඝාතන ගැන සොයන්න විමර්ෂණ අරඹයි !

Published in පුවත්
Monday, 13 November 2023 09:44

කන්තලේ සූරියපුර පොලිස් බල ප්‍රදේශයට අයත් සෝමාවති රක්ෂිත ප්‍රදේශය තුළ හිසට වෙඩි තබා ඝාතනය කල බවට සැක කරන අවුරුදු 40-45 පමණ වයසැති සද්ධන්ත වන අලියකුගේ සිරුරක් ඊයේ (12) උදෑසන හමුවූ බව වනජීවී සංරක්ෂණය දෙපාර්තමේන්තුව පවසයි.

පසුගිය සතියේ සූරියපුර හැළඹ යාය ප්‍රදේශයේ පාද දෙකට වෙඩි තබා ඝාතනය කරන ලද අවුරුදු 45ක වන අලියකුගේ සිරුරක් සහ අවුරුදු 06 පමණ වයසැති වන අලි පැටවකුගේ සිරුරක්ද හමුවී තිබෙයි.

සෝමාවතී රක්ෂිතයේ මියගිය අලියාගේ සිරුර පරික්ෂාවට යනවිට රක්ෂිත භූමියේ තිබී තවත් මියගිය වන අලින්ගේ අස්ථි කොටස් හමුවී ඇත.

ගම්වාසීන් පවසන්නේ දඩයක්කාරයි විසින් අටවන ලද බට තුවක්කු පෑගීමෙන් හා ප්‍රදේශයේ ගොවිතැන් කටයුතු කරන පිරිස් විසින් තම වගා බිම්වලට වදින අලින් මෙලෙස ඝාතනය කරන බවයි.

මියගිය වන අලී තිදෙනාගේ පශ්චාත් මරණ පරීක්ෂණය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ගිරිතලේ පශු වෛද්‍ය ඒකකය විසින් පැවැත්විණි නියමිතව අති අතර මෙම සිදුවීම් මාලාව පිළිබඳව කන්තලේ වනජීවි අඩවි කාර්යාලයෙන් විමර්ෂණයක් ආරම්භ කර ඇත.

 

-P.M

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us