දරුවන් රෝහල්ගත කර ඇති බව පවසමින් මුදල් ගරන ජාවාරම් කල්ලියක් රට පුරා! 

Published in පුවත්
Monday, 13 November 2023 10:25
පාසල් ගිය දරුවා හදිසියේම රෝගාතුර වී රෝහල් ගත කල බව පවසමින් මවුපියන්ට දුරකතනයෙන් කතා කර මුදල් වංචා කිරීම් සහ ගෙවල් බිඳ දැමීමේ සිද්ධියක් වාර්තාවේ.


මේ වන විටත් සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානය විමර්ශනයක් ආරම්භ කර තිබේ.

කෙසේ වෙතත් මේ වන විට කොළඹ ඇතුළු දිවයිනේ ප්‍රදේශ ගණනාවකින් මෙවැනි සිද්ධීන් වාර්තා වී තිබෙන අතර කුරුණෑගල නගරයේ ප්‍රධාන පාසල් කිහිපයකින්ම මෙවැනි සිදු වීම් වාර්තා වී ඇතැයි පොලිසිය පවසයි. කොළඹ නගරයේ ප්‍රධාන පාසලක දරුවකුගේ පියකුට පාසලේ නියෝජ්‍ය විදුහල්පතිවරයා ලෙස කතා කර දරුවා හදිසියේ අසනිප වී නෙවිල් ප්‍රනාන්දු රෝහලට ඇතුළත් කළ බවත්, හදිසි ශෛල්‍යකර්මයක් සඳහා මුදල් අවශ්‍ය බවත් දන්වා තිබිණි. අදාළ දරුවාගේ පියා නීතිඥවරයකු වන අතර ඔහු මේ සම්බන්ධයෙන් පළමුව පාසලෙන් විමසා සිටි අවස්ථාවේ එවැන්නක් සිදුව නොමැති බව දැනගන්නට ලැබී තිබේ.

තවද කුරුණෑගල නගරයේ ප්‍රධාන බාලිකා විදුහලක ඉගෙනුම ලබන සහෝදරියන් දෙදෙනකුගෙන් එක් අයකු පාසල් නොපැමිණි අතර අනෙක් සහෝදරිය පාසල් ගොස් තිබුණි. ඔවුන්ගේ පියා කුරුණෑගල බැංකුවක සේවය කරන අතර නිවසේ සිටි දියණිය ඔහුට ඇමතුමක් ගෙන කියා තිබුණේ පාසල් ගිය තම නැඟණිය හදිසියේම රෝගාතුරව සිටින බවට පාසලේ ගුරුවරයකු විසින් දුරකතනයෙන් දැනුම් දුන් බවයි.

මේ හා සමානම සිද්ධීන් මේවනවිටත් දිවයිනේ ප්‍රදේශ රැසකින් වාර්තාවී තිබේ. මෙම වංචාකාරි කල්ලිය ලබා දෙන දුරකථන පණිවිඩවලට රැවටී කලබලයට පත්ව තොරතුරු සොයා නොබලා මුදල් ලබා දී ඇති පුද්ගලයන් සිටින බව ද තවත් අය දරුවන් පිළිබඳ සොයා බැලීම සඳහා පාසල් කරා ගිය අවස්ථාවේ දී ඔවුන්ගේ නිවෙස් බිඳ සොරකම් කළ අවස්ථාද වාර්තා වී තිබේ.

කෙසේ වෙතත් පොලිසිය ජනතාව වෙත දැනුම් දෙන්නේ පාසල් ගිය දරුවා රිය අනතුරකට, හදිසි අනතුරකට, හදිසි රෝගී තත්ත්වයකට පත් වූ බව පවසමින් මෙම කල්ලිය දුරකතන ඇමැතුම් ලබා දෙන බැවින් දැඩි කල්පනාවෙන් පසුවන ලෙසත් එවැනි දුරකතන ඇමතුම් ලැබුණහොත් වහාම පොලිසිය දැනුවත් කරන ලෙසයි.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us