ක්‍රිකට් නඩුවෙන් අභියාචනාධිකරණයේ සභාපති ඉවත්වේ

Published in පුවත්
Tuesday, 14 November 2023 11:50

ක්‍රිකට් අතුරු පාලක කමිටුවේ කටයුතු අත්හිටුවමින් අතුරු තහනම් නිකුත් කිරීමේ සිද්ධියට අදාළ නඩු විභාගයෙන් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න අද (14) ඉවත්වුණි.

පසුගිය දිනවල ක්‍රීඩා අමාත්‍යවරයා, ඇතැම් අමාත්‍ය මණ්ඩල සාමාජිකයින් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තමන් සම්බන්ධයෙන් අසාධාරණ විවේචන එල්ල කිරීම හේතුවෙන් තමන් මෙම නඩු විභාගයෙන් ඉවත්වීමට තීන්දු කළ බව එහිදී සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සඳහන් කළේය.

මෙම නඩුවට අදාළව ක්‍රීඩා අමාත්‍යවරයා විසින් ගොනුකළ මෝසම අද (14) අභියාචනාධිකරණය සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ විකුම් කළුආරච්චි යන අයගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී, එහි ක්‍රීඩා අමාත්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා අධිකරණයට දන්වා සිටියේ, මෙම නඩුව අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා විමසීම සම්බන්ධයෙන් තම සේවාදායකයා විරෝධය පළ කරන බවය.

ඒ අනුව අදාළ පෙත්සම විභාගය සඳහා වෙනත් විනිසුරු මඩුල්ලක් ඉදිරියට යොමු කිරීමටද තීන්දු වුණි.

-P.M

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us