ඩීසල් බලාගාර භාවිතයෙන් තොරව රටටම විදුලිය දෙයි

Published in පුවත්
Tuesday, 14 November 2023 12:02

ඉන්ධන භාවිතයෙන් විදුලිය නිෂ්පාදනය පෙරේදා (12) දින වන විට බිංදුව දක්වා අඩුව තිබූ බව විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඉංජිනේරු නොයෙල් ප්‍රියන්ත ඊයේ (13දා) පැවසීය.

ජල විදුලි නිෂ්පාදනය උපරිමයෙන් සිදුකර ඉන්ධන භාවිතය අවම කර ගැනීමට කටයුතු කරන බව ද ඔහු පවසා ඇත.

ජල විදුලි නිෂ්පාදනය සියයට පනහට (52.34%) අධික තත්ත්වයක පැවැති බවත් ගල්අඟුරු මගින් සියයට 21.89 ක්, සූර්ය බලයෙන් සියයට 6.07 ක්, සුළං බලයෙන් සියයට 4.67 ක්, කුඩා ජල විදුලි බලාගාරවලින් සියයට 14.1 ක් ලෙස විදුලි අවශ්‍යතාව සපුරාගෙන තිබේන බව ඔහු පැවසුවේය.

 

මේ අතර නොරොව්වෝල බලාගාරයේ නඩත්තු කටයුතු සඳහා මාස තුනක් පමණ නතර කර තිබූ යන්ත්‍රයේ අලුත්වැඩියා කටයුතු නිමකර එය නැවත ඊයේ සිට විදුලිය ජනනය කර ජාතික පද්ධතියට එක් කිරීමට නියමිතව තිබූ බව බලාගාර ඉංජිනේරුවන් පැවසුවේය. ඊයේ වන තෙක් බලාගාරයේ යන්ත්‍ර දෙකක් ක්‍රියාත්මක කර මෙගාවොට් 540 ක් ජාතික පද්ධතියට එක් කිරිමේ හැකියාව පැවතියත් ජල විදුලි නිෂ්පාදනය ඉහළ ගොස් ඇති නිසා පෙරේදා වනවිට මෙගාවොට් 460ක පමණ විදුලි ප්‍රමාණයක් ජාතික පද්ධතියට එක්කළ බව ද එම ඉංජිනේරුවන් පැවසුවේය.

RS

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us