DIGIECON සමග එක්වී රට වෙනුවෙන් තම යුතුකම ඉටු කරන්න - කනක හේරත්

Published in පුවත්
Wednesday, 15 November 2023 08:55

DIGIECON 2030 වැඩසටහන සමඟ එක්ව රටේ ආර්ථිකයට ශක්තියක් වී රට වෙනුවෙන් තම යුතුකම ඉටු කරන ලෙස බුද්ධි ගලනයත් සමඟ රට හැර යන තරුණ තරුණියන් ගෙන් සහ ව්‍යවසායකයින් ගෙන් ඉල්ලා සිටින බව තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් පවසා ඇත.

ගෝලීය ව්‍යවසායකත්ව සතිය නිල වශයෙන් ආරම්භ කිරීමේ අවස්ථාවට එක් වෙමින් රාජ්‍ය අමාත්‍ය කනක හේරත්මේ බව සඳහන් කළේය.

DIGIECON වැඩසටහන යටතේ ව්‍යවසායකයන් වෙනුවෙන් වඩාත් හිතකර පරිසරයක් නිර්මාණය කරමින් ඩිජිටල් ආර්ථිකයක් ගොඩ නැගීමට කටයුතු කරන බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

නොවැම්බර් 13 වැනිදා සිට සතියක් පුරා “Entrepreneurs Thrive Here” යන ‍තේමාව යටතේ රටවල් 200කට වැඩි සංඛ්‍යාවක් ගෝලීය ව්‍යවසායකත්ව සතිය සමරනු ලබයි.

මෙම සතිය පුරා දිවයිනේ ස්ථාන ගණනාවක දී අදාළ ක්ෂේත්‍රයේ ආයතන, සංවිධාන, සමාගම් සහ පුද්ගලයින්ගේ සහභාගිත්වයෙන් ව්‍යවසායකත්ව, නවෝත්පාදන, ආරම්භක ව්‍යාපාර ආර්ථික පද්ධති, අධ්‍යාපන, ඩිජිටල් අන්තර්කරණ සහ ප්‍රතිපත්ති යන අංශ යටතේ සමුළු, සම්මන්ත්‍රණ, වැඩමුළු, සාකච්ඡා, දැනුවත් කිරීම් ඇතුළු ක්‍රියාකාරකම් රැසක් සංවිධානය කර තිබේ. දේශීය ව්‍යවසායකයින්, ආයෝජකයින්,පර්යේෂකයන් සහ ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් අතර සහයෝගීතාව හා සම්බන්ධතා ශක්තිමත් කරමින් රට පුරා විවිධ කර්මාන්තයන්හි යෙදී සිටින නව්‍ය ව්‍යවසායකයින් ඇගයීම හා සවිබල ගැන්වීම ද මෙහි දී සිදු කෙරේ.

ඒ අනුව ගෝලීය ව්‍යවසායකත්ව සතිය තුළ මෙරට හවුල්කරුවන් 60කට වැඩි ප්‍රමාණයක් විවිධ ක්‍රියාන්විතයන් 100කට වැඩි සංඛ්‍යාවක් ලියාපදිංචි කර තිබේ.

 

-P.M

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us