අයවැය නිසා කෝප වූ වෘත්තිය සංගම් අඛණ්ඩ අරගලයකට සුදානමින්

Published in පුවත්
Wednesday, 15 November 2023 09:06

2024 අයවැය සම්බන්ධයෙන් පාර්ශ්ව රැසක් සිය අප්‍රසාදය පළ කර තිබේ.

ඒ අනුව වෘත්තිය සංගම් රැසක් අවධාරණය කළේ රාජ්‍ය සේවකයින්ට ලැබිය යුතු රුපියල් 20,000ක වැටුප් වැඩිවීම වෙනුවෙන් අඛණ්ඩව අරගල සිදුකරන බවය.

මේ අතර ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලින් සඳහන් කළේ,

"ගුරු විදුහල්පති වැටුප් විශමතාවය ගැන වචනයක්වත් නැහැ. අපිට ආණ්ඩුවට කියන්න තියෙන්නේ.. ලෑස්තිවෙන්න... අපේ අරගලයට මුහුණ දෙන්න."

ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ ,

"දෙසැම්බර් 02 අධ්‍යාපන අමාත්‍යාංශයේ වැය ශීර්ෂය විවාද වෙන දවස. එදාට පාර්ලිමේන්තු වටරවුම ඉදිරිපිට දැවැන්ත උද්ඝෝෂණයක් පවත්වන්න අපි තීරණය කරලා තිබෙනවා." යනුවෙනි

මේ අතර 2024 වර්ෂය ආර්ථික වශයෙන් ශක්තිමක් වසරක් බවට පත්කිරීම සඳහා 1.8 %ක ආර්ථිකයක් වෙත ගමන් කිරීම රජයේ මූලික අරමුණ බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසා ඇත.

මෙවර අයවැයේදී රාජ්‍ය සේවකයින්, දිළිදු හා ආර්ථික වශයෙන් අවදානම් සහගත පවුල් වෙනුවෙන් මෙන්ම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් නඟා සිටුවීම සඳහා විශේෂයෙන් අවධානය යොමු කළ බවයි ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

 

-P.M

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us