ප්‍රමිතියෙන් තොර ඖෂධ ගෙන්වන සමාගම් Black List කිරීමට පියවර

Published in පුවත්
Wednesday, 15 November 2023 09:29

ප්‍රමිතියෙන් තොර ඖෂධ සැපයීම් සිදු කරන සමාගම් අසාදු ලේඛනගත කරන්නැයි සෞඛ්‍ය හා කර්මාන්ත ඇමැති වෛද්‍ය රමේෂ් පතිරණ සෞඛ්‍ය බලධාරීන්ට උපදෙස් දී ඇත.

අමත්‍යවරයා මේ බව සදහන් කළේ සෞඛ්‍ය අමාත්‍යාංශයේදී පැවති විශේෂ සාකච්ජාවකදී ය.

ඖෂධ සඳහා වාර්ෂිකව බිලියන ගණනක් වැය කරන බැවින් ප්‍රමිතියෙන් යුතු ඖෂධ ජනතාවට ලබා දීම ඖෂධ සමාගම්වල වගකීම බැවින් ,මෙය සෑම ක්ෂේත්‍රයකටම අදාළ විය යුතු බවත් එවැනි සමාගම් මෙරට තුළ වේ නම් ඒවා ද අසාධු ලේඛනගත කිරීමට කටයුතු කරන ලෙස ද ඇමැතිවරයා උපදෙස් දී තිබේ.

මින් පසු ඖෂධවල මිල තීරණය කිරීම සඳහා මිල තීරණය කිරීමේ කමිටුවක් (pricing committee) හරහා කටයුතු සිදු කළ යුතු බවට ද අමාත්‍යවරයා උපදෙස් දී ඇත.

අමාත්‍යවරයා ව‍ශයෙන් තමන්ගෙන් වරදක් සිදු වනවා නම් එය ද පෙන්වා දෙන ලෙසට ඉල්ලීමක් කළ ඇමැතිවරයා කියා සිටියේ මෙරට ජනතාවට ගුණාත්මක තත්ත්වයෙන් ඉහළ ඖෂධයක් රජය මඟින් ලබා දෙන ක්‍රමවේදයක් සකස් කිරීමට තමන්ට අවශ්‍ය බවය. වාර්ෂිකව ඩොලර් මිලියන 500කට අධික මුදලක් මේ සඳහා වැය කරන බවත් ඊට හොඳම විසඳුම මෙරටට අවශ්‍ය ඖෂධ මෙරට තුළ නිෂ්පාදනය කිරීම බව ද පෙන්වා දුන්නේය. ‍

රට තුළ ඖෂධ හිඟයක් ඇති නොවීමට මෙරටට අවශ්‍ය ඖෂධ අවශ්‍ය නිවැරදි ක්‍රමවේද මත ගෙන්වීමට කටයුතු කරන ලෙසත්අක්ෂි කාච, ස්ටෙන්ත්, සිරින්ජර් වැනි උපකරණ කෙරෙහි ද වැඩි අවධානයක් යොමු කරන ලෙසට ද සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ විසින් නිලධාරීන්ට උපදෙස් දෙනු ලැබීය.

මීට අමතරව ඉන්දීය රජය හා ශ්‍රී ලංකා රජය අතර අන්‍යෝන්‍ය අවබෝධයෙන් සිදු කිරීමට නියමිත අවබෝධතා ගිවිසුම අනුව අදාළ පාර්ශ්වයන් සමඟ සාකච්ජා කර ක්‍රමවේදය කඩිනම් කිරීමටත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා, වෛද්‍ය සැපයුම් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා, රාජ්‍ය ඖෂධ සංස්ථාවේ සභාපතිවරයා සහ රාජ්‍ය ඖෂධ නියාමන අධිකාරියේ සභාපතිවරයා එක්ව මෙම ක්‍රියාවලිය සිදු කරන ලෙසට ද උපදෙස් ලබා දුන්නේය.

 

-P.M

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us