ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් හමු වී ආණ්ඩුවට දෙහි කැපූ සජිත්

Published in පුවත්
Wednesday, 15 November 2023 10:27

පසුගිය වසරේ අයවැය යෝජනාවත් හරිහැටි සම්පූර්ණ කරගත නොහැකි තත්ත්වයක් තුළ මෙවර අයවැය ඉදිරිපත් කර ඇති බවත් එය ජනතාවගේ පැත්තෙන් අවාසිදායක අයවැයක් බවත් ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් පෝල් ස්ටීවන්ස් ඊයේ හමුවූ අවස්ථාවේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසා ඇත.

මෙම හමුව ඊයේ (14) පාර්ලිමේන්තුවේ දී සිදු වූ අතර දෙපාර්ශ්වය අතර වත්මන් ශ්‍රී ලංකාවේ සමාජ, ආර්ථික, දේශපාලන කරුණු සම්බන්ධයෙන් අදහස් හුවමාරු කර ගැනීම සිදු විය.

එහි දී විපක්ෂ නායකවරයා වත්මන් ජනාධිපතිවරයා විසින් 2024 වසරට අදාළව ඉදිරිපත් කර ඇති විසර්ජන පනත් කෙටුම්පතේ ඇති අඩුපාඩු සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියානු මහකොමසාරිස් වරයාව දැනුවත් කරන ලදී.

තවද වත්මන් රජය ජනතාවගේ ප්‍රජාතන්ත්‍රීය අයිතීන් උල්ලංඝනය කරමින් දිගින් දිගටම මැතිවරණ කල් දැමීම සිදු කර ඇති බවද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඔස්ට්‍රේලියානු මහකොමසාරිස්වරයා හමුවේ පවසන ලදී.

එහෙත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ 2024 අයවැය පළමු කියවීමේදී ප්‍රකාශ කර ඇත්තේ එළබෙන වසරේ මහමැතිවරණය සහ ජනාධිපතිවරණය පත්වන බවයි.

 

-P.M

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us