කටුනායක මගී තදබදය අවම කරන්න ස්වයං ටිකට් පරීක්ෂණ යන්ත්‍ර

Published in පුවත්
Wednesday, 15 November 2023 11:02

 

කටුනායක ගුවන් තොටුපොළ පිටත්වීමේ පර්යන්තයේ පවතින මගී තදබදය සඳහා විසඳුමක් ලෙස ස්වයං සේවා ටිකට් පත් පරීක්ෂා කිරීමේ යන්ත්‍ර (Self Check - in) 08ක් සහ ස්වයං සේවා ගමන් මලු භාර දීමේ යන්ත්‍රයක් (Bag Drop) ඊයේ (14දා) උදෑසන 10.30ට ස්ථාපනය කිරීමේ උත්සවයක් ගුවන් තොටුපොළ පිටත්වීමේ පර්යන්තයේදී පැවැත්විණි.

මෙම ස්වයංක්‍රිය යන්ත්‍ර සදහා ශ්‍රීලන්කන් ගුවන් සේවය සහ සීමාසහිත ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගම සිය අරමුදල් ආයෝජනය කර තිබේ.

ස්වයං සේවා ටිකට් පත් පර්ක්ෂා කිරීමේ යන්ත්‍ර මඟින් ගුවන් මගීන්ට තම ආසන තෝරා ගැනීම (Seat Selection) ඔවුන්ගේ ගුවන් ප්‍රවේශ පත්‍රය මුද්‍රණය කර ගැනීම (Boarding Pass Printing) සහ ගමන්මලු ටැග් පත මුද්‍රණය (Bag Tag Printing) කර ගැනීම යන කාර්යයන් තුනක් ඉටු කර ගත හැකිය. ඉන්පසු එම ගුවන් මගීන් ස්වයං සේවා ගමන් මලු භාරදීම (Bag Drop) යන්ත්‍රය වෙත ගොස් ගමන් මලු භාරදීම සිදු කර ආගමන විගමන නිෂ්කාශන කටයුතු සඳහා පිටත්ව යා හැකිය. මෙම ස්වයංක්‍රිය යන්ත්‍ර පද්ධතිය මඟින් ගුවන් මගීන්ට විනාඩි 05ක් වැනි කෙටි කාලයක් තුළ සිය ගුවන්තොටුපොළ රාජකාරී නිමා කර අදාළ ගුවන් යානය වෙත පිවිසීමට අවස්ථාව හිමි වේ. මෙම ස්වයංක්‍රිය යන්ත්‍ර මඟින් දැනට ශ්‍රීලන්කන් ගුවන් සේවයේ ගුවන් මගීන්ට පමණක් පහසුකම් හිමි වන අතර ඉදිරි කාලයේ කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණෙන අනෙකුත් ගුවන් සේවා සඳහා ද ව්‍යාප්ත කිරීමට නියමිතය.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us