අනුරාධපුර නාගරික සංවර්ධන උප ව්‍යාපෘති 8ක් අවසන්

Published in පුවත්
Wednesday, 15 November 2023 11:21

අනුරාධපුර ඒකාබද්ධ නාගරික සංවර්ධන ව්‍යාපෘතිය යටතේ මේ වනවිට උප ව්‍යාපෘති 8ක් නිමකර ඇති බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය පවසයි.

මෙම උප ව්‍යාපෘති 8ට තිරසාර ජලාපවාහන පද්ධති, කාර්යක්ෂම ක්ෂුද්‍ර ජල සැපයුම් මාර්ග, තණපිඩලි ඇතිරීම හා ප්‍රවේශ පත්‍ර කවුළු සහිත ස්වයංක්‍රීය ගේට්ටු වැනි හරිත සැලසුම් අංග ඇතුළත් නවීන පහසුකම් වලින් සමන්විත රථ ගාල් හතරක්,පොදු අවකාශ සංවර්ධනය, වට රවුමක් සංවර්ධනය, අර්ථකථන පුවරු සහ ඇවිදීමේ මං තීරු අලංකරණ ව්‍යාපෘතියක් ඇතුළත් වන බවයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසන්නේ.

මීට අමතරව ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථා එළිමහන් රංග පීඨය සහ සුරපුර එළිමහන් රංග පීඨය ලෙසින් රංග ශාලා දෙකක්ද ප්‍රතිසංස්කරණය කර තිබේ. අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසන්නේ අනුරාධපුර සංස්කෘතික වටිනාකම් ඉහළ නැංවීම හා සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය සඳහා මෙම රංග ශාලා ඉවහල්වනු ඇති බවයි.

අනුරාධපුර නගරයේ ‍ඓතිහාසික සංස්කෘතික උරුමය ආරක්ෂාවන පරිදි හා එහි පූජනීයත්වයට හානි නොවන පරිදි සමබර සංවර්ධනයක් සිදුකරන බවද අමාත්‍යවරයා පවසයි.

උපාය මාර්ගික නගර සංවර්ධන ව්‍යාපෘතිය යටතේ අනුරාධපුර ඒකාබද්ධ නාගරික සංවර්ධන ව්‍යාපෘතිය ආරම්භ කිරීමට ශ්‍රී ලංකා රජය හා සංවර්ධනය පිළිබඳ ප්‍රංශ නියෝජිත ආයතනය අතර ණය පහසුකම් ගිවිසුම 2016 දෙසැම්බර් 1 වැනිදා අත්සන් තබන ලදී.

කෙසේ වෙතත්, කෙවිඩ් -19 ව්‍යාප්තිය හා රටේ පැවති ආර්ථික අර්බුධ හේතුවෙන් සමස්ත ව්‍යාපෘති විෂය පථය අඩුකරනු ලැබීය. ඒ අනුව උප ව්‍යාපෘති පමණක් නිම කිරීමට තීරණය විය. එහෙත් පසුව අනුරාධපුර නගරය හා සංචාරක සංවර්ධනය සඳහා දක්ෂිණ බහුවිධ ප්‍රවාහන පර්යන්තයෙහි වැදගත්කම හඳුනාගනිමින් එය ක්‍රියාත්මක කිරීමට තීරණය විය.

අමාත්‍ය ප්‍රසන්න රණතුංග අවධාරණය කරන්නේ රජයේ අරමුදල් භාවිත කරමින් ඉදිරි මාස දෙක ඇතුළතදී දක්ෂිණ බහුවිධ ප්‍රවාහන පර්යන්තයෙහි ඉදිකිරීම් කටයුතු ක්‍රියාත්මක කරන බවයි.

-P.M

 

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us