ගොවියන්ට පහසුකම් !

Published in පුවත්
Wednesday, 15 November 2023 11:31

අප රටේ සියලු ගොවිජන මධ්‍යස්ථාන කෘෂි තාක්ෂණික කේන්ද්‍රස්ථාණ බවට පත් කිරීම සඳහා පියවර ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ  (13)  දා ඉදිරිපත් කළ අයවැය යෝජනාවල දී ප්‍රකාශයට පත් කර ඇත.

ජනාධිපතිවරයා පවසා සිටියේ මෙම කටයුතු සඳහා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට රුපියල් කෝටි 250ක මුදලක් වෙන් කර සිටි බවත්ය.

ඒ අනුව දිවයිනේ 566ක් වන සියලුම ගොවිජන සංවර්ධන මධ්‍යස්ථාන ගොවි ජනතාවට තාක්ෂණික පහසුකම් සලසන කේන්ද්‍රස්ථාන බවට පත් කිරීම සඳහා වහා පියවර ගන්නැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර ඊයේ (14) කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී පැවැති සාකච්ඡාවක් අමතමින් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් එච්. එම්. ඒ. එල්. අබේරත්න වෙත උපදෙස් ලබා දුන්නේය.

කෘෂිකාර්මික කටයුතුවල දී අධික ලෙස ඉහළ යන වියදම ගොවි ජනතාවට ගැටලුවක් බැවින් එම වියදම් පාලනය සදහා සෑම ගොවි ජන මධ්‍යස්ථානයම යාන්ත්‍රික ඒකකයක් බැගින් පිහිටුවීමටත්, බිම් සකස් කිරීම සදහා අවශ්‍ය වන බහුකාර්ය ට්‍රැක්ටර් රථවල සේවාවන් සහන මිලකට ලබා දීම සම්බන්ධව වැඩපිළිවෙලක් මෙහි දී සාකච්ඡා විය.

එමෙන්ම වැඩි දියුණු කරන ලද බහුකාර්ය ට්‍රැක්ටර් රථ ගොවිජන සේවා මධ්‍යස්ථානවලට ලබා දීම මගින් බිම් සකස් කිරීම පමණක් නොව කෘෂිකර්මාන්තයේ දී අවශ්‍ය වන සියලු කටයුතු සඳහා යොදා ගත හැකි බව මෙහිදී අවධාරණය වී ඇත.

කෙසේ වෙතත් මෙහි අරමුණ වී ඇත්තේ බහුකාර්ය ට්‍රැක්ටර් රථ සේවාවන් ගොවි ජන සේවා මධ්‍යස්ථාන මගින් පහසු මිලක් යටතේ ගොවි ජනතාවට ලබා දීමය.

RS

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us