මහින්ද සිරිවර්ධනට ගොනු කල පෙත්සම් දෙකක් නිෂ්ප්‍රභ කෙරේ

Published in පුවත්
Wednesday, 15 November 2023 12:40

අධිකරණයට අපහාසයක් සිදුකර ඇති බවට චෝදනා කරමින්  මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධනට ගොනුකළ පෙත්සම් දෙකක් ශ්‍රේෂ්ඨාධිකරණය නිෂ්ප්‍රභ කර තිබේ.

ඒ 2023 වසරේ විසර්ජන පනත තුළින් පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීම සඳහා වෙන්කර තිබෙන මුදල් ප්‍රතිපාදන රඳවා ගැනීම වළක්වමින් නිකුත් කරනු ලැබූ අතුරු නියෝගය අනුව කටයුතු කිරීම පැහැර හැරීම යන කාරණා මතය.

ඒ අනුව අගවිනිසුරු ජයන්ත ජයසූරිය ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම තීන්දුව ලබා දුන් බව වාර්තාවේ.

සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර සහ ජාතික ජනබලවේගයේ විජිත හේරත් යන මන්ත්‍රීවරු විසින් එම පෙත්සම් ඉදිරිපත් කර තිබු අතර එම පෙත්සම්කරුවන් සඳහන් කර තිබුණේ, පළාත් පාලන ඡන්ද විමසීම කල්දැමීමට එරෙහිව ගොනුකෙරුණු මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගැනීමට අවසර දුන් ශ්‍රේෂ්ඨාධිකරණය 2023 වසර සඳහා වන විසර්ජන පනත තුළින් පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීම සඳහා වෙන්කර තිබෙන මුදල් ප්‍රතිපාදන රඳවා ගැනීම වළක්වමින් ඉකුත් මාර්තු මස 03 වන දා මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත අතුරු නියෝගයක් නිකුත් කළ බවයි.

එම අතුරු නියෝගයට අවනතව කටයුතු කිරීම මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් හිතාමතාම පැහැර හැර තිබෙන බවත් ඒ මඟින් ඔහු අධිකරණයට අපහාසයක් සිදුකර ඇති බව චෝදනා කරමින් එම පෙත්සම් ඉදිරිපත් කර තිබුණි.

එම පෙත්සම් සම්බන්ධයෙන් මූලික විරෝධතා ඉදිරිපත් කළ  මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා මෙන්ම නීතිපතිවරයා ද අධිකරණය හමුවේ සඳහන් කර තිබුණේ මෙය රාජ්‍ය මූල්‍ය හා සම්බන්ධ කරුණක් බවයි.

රාජ්‍ය  මූල්‍ය පාලනය පාර්ලිමේන්තුවේ විෂය පථයට අයත් වන කටයුත්තක් බැවින් ඊට මැදිහත්වීමට අධිකරණයට හැකියාවක් නොමැති බවත් එම මූලික විරෝධතාවලින් සඳහන් කර තිබුණි.

එබැවින් අදාළ පෙත්සම් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙසත් මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා සහ නීතිපතිවරයා සිය මූලික විරෝධතාවලින් අධිකරණය හමුවේ සඳහන් කළ බවයි.

තීන්දුව ප්‍රකාශයට පත් කරමින් පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල සඳහන් කළේ, වගඋත්තර කරුවන් විසින් ඉදිරිපත් කළ එම මූලික විරෝධතා පිළිගන්නා බවයි.ඒ අනුව අදාළ පෙත්සම් නිෂ්ප්‍රභ කරන බව ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ සඳහන් කර තිබේ.

Last modified on Wednesday, 15 November 2023 12:57

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us