ප්‍රමිතියෙන් තොර ඖෂධ ගෙන් වූ සමාගමේ හිමිකරු තවදුරටත් රිමාන්ඩ්

Published in පුවත්
Wednesday, 15 November 2023 13:09

ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබියුලින් එන්නත් කුප්පි ආනයනය කිරීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් මෙරට සමාගමේ හිමිකරු එළඹෙන 29 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඒ සැකකාර සමාගම් හිමිකරු අද (15) කොළඹ මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.

මහත් ආන්දෝලනයකට තුඩු දුන් ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබියුලින් එන්නත් කුප්පි මෙරටට ආනයනය කළ කළ මෙරට සමාගමේ හිමිකරු කොම්පඤ්ඤවීදීය ප්‍රදේශයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පසුගියදා අත්අඩංගුවට ගැනුණා.

ඒ, ව්‍යාජ ලේඛන සකස් කරමින් ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලින් ඖෂධ තොගයක් පෞද්ගලික සමාගමක් මගින් මෙරටට ආනයනය කර රජයේ රෝහල්වලට බෙදාහැර ඇති බවට සිවිල් සංවිධාන එකමුතුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පසුගියදා සිදු කළ පැමිණිල්ලකට අනුව සිදු කළ විමර්ශන වලින් පසුවයි.

මෙහිදී ප්‍රතිදේහ එන්නත් කුප්පි 22,500ක තොගයක් ගෙන්වූ බවට අදාළ සමාගමට චෝදනා එල්ලවී තිබු අතර ඉන් රුපියල් මිලියන 130කට අධික මුදල් වංචාවක් සිදු බවට අනාවරණය වී ඇත.

කෙසේවෙතත් අධිකරණය ඉදිරියේ කරුණු දක්වමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියා සිටියේ, අදාළ එන්නත් ගෙන්වීමේ ටෙන්ඩරයට අනුව ඒවා ඉන්දියාවෙන් ආනයනය කරන බව සඳහන්ව තිබුණද, එම එන්නත් සිදූව, රද්දොළුව ප්‍රදේශයේ පිහිටි කර්මාන්තශාලාවක් තුළ නිෂ්පාදනය කර ඇති බවයි.

ඒ, අනුව සැපයුම්කරු විසින් අවස්ථා 14කදී එන්නත් මාත්‍රා 3,985ක් වෛද්‍ය සැපයුම් අංශයට සපයා ඇති බවත්. ඒ වෙනුවෙන් තුන්කෝටි හැටතුන්ලක්ෂ අසුතුන් දහසකට අධික මුදලක් ඔහුට ගෙවා ඇති බවත් විමර්ශන නිලධාරින් අධිකරණය හමුවේ සඳහන් කර තිබෙනවා.

එමෙන්ම අදාළ එන්නත් භාවිතය සඳහා නිදහස් කිරීමේදී ඖෂධ නියාමන අධිකාරිය තත්ත්ව පරීක්ෂාවක් පවා සිදුකර නොමැති බවත්, එම එන්නත් 80%ක් පමණ භාවිතයට ගැනීමෙන් පසු දිවයිනේ විවිධ ප්‍රදේශවලින් අසාත්මිකතා වාර්තාවී ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළා.

සියලු කරුණු පිළිබඳ අවධානය යොමුකළ මෙහෙස්ත්‍රාත්වරිය විවෘත අධිකරණයේදී කියා සිටියේ සැකකරු මෙම සිදුවීමට සම්බන්ධ එක් තැනැත්තෙකු පමණක් වන අතර, ඊට සම්බන්ධ ප්‍රධාන වගකිවයුත්තන් රාජ්‍ය සේවකයින් විය හැකි බවයි..

ඒ, අනුව මෙම විමර්ශන සම්බන්ධයෙන් නීතිපති උපදෙස් ගෙන සියලු සැකකරුවන් තරාතිරම නොබලා වහා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහෙස්ත්‍රාත්වරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කරනු ලැබුවා.

ඒ අනුව මේ මස පළමුවනදා අධිකරණයට ඉදිරිපත් කළ ප්‍රධාන සැකකරු සම්බන්ධයෙන් ඔහුගේ නීතිඥයින් කළ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළ මහෙස්ත්‍රාත්වරිය සැකකරුව නොවැම්බර් මස 15 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුනේ ඉන් අනතුරුවය.

 -P.M

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us