තාප්පයට යට වී මියගිය සිසුවා වෙනුවෙන් විමර්ශනයක්

Published in පුවත්
Thursday, 16 November 2023 12:06

වැල්ලම්පිටිය, ප්‍රදේශයේ පාසලක තාප්පයක් කඩා වැටී සිසුවියක මිය ගොස් තවත් සිසුන් පස් දෙනෙකු තුවාල ලැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කරන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය අධ්‍යාපන බලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.

අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත විසින් කලාප අධ්‍යාපන කාර්යාලයේ නිලධාරීන් වෙත ඒ සම්බන්ධයෙන් විමර්ශනය සිදු කර කඩිනමින් වාර්තාවක් ලබා දෙන ලෙස උපදෙස් දී ඇත.

ඒ අනුව ඉදිරියේ දී අදාළ පාසල වෙත ගොස් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කිරීමට කටයුතු කරන බව ජයවර්ධනපුර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ කාර්යාලය සඳහන් කළේය.

ඊයේ (15) දහවල් මේ පාසලේ ජල කරාම සවි කර තිබූ කොන්ක්‍රීට් බැම්මක් කඩා වැටීමෙන් දෑත් සෝදමින් සිටි පළමු ශ්‍රේණියේ සිසු සිසුවියන් 06 දෙනෙකු එම බැම්මට යට වී අනතුරට ලක් විය.

අනතුරෙන් තුවාල ලැබු එක් සිසුවියක් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගිය අතර, තවත් පස් දෙනෙක් තුවාල ලබා රෝහල්ගත ව ප්‍රතිකාර ලබමින් සිටිති.

-P.M

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us