රට බංකොලොත් වීමෙන් ජනතාවට සිද්ධ වුණේ බරපතළ අයුක්තියක් - පාඨලී

Published in පුවත්
Thursday, 16 November 2023 12:13

රට තුළ මතු වී තිබෙන ආර්ථික අර්බුදයට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු මුදල් අමාත්‍යවරුන් වන මහින්ද රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ ඇතුළු පිරිසක් වගකිව යුතු යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසනවා.

එමෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුව ඓතිහාසික බවත් මන්ත්‍රීවරයා පැවසුවේය.

හෙතෙම වැඩිදුරටත් පවසා සිටියේ,

"මේ රටේ ජනතාවගෙන් සියයට 99.9 ක්ම ඡන්දය පාවිච්චි කිරිම හැර මේ රට බංකොලොත් වීමට දායක වෙලා නැහැ. ඒ ජනතාවට රට බංකොලොත් වීම නිසා සිද්ධ වුණේ බරපතළ අයුක්තියක්. දරුවන්ට කිරි ටික, පාසල් අධ්‍යාපනය නැති වුණා, වැඩිහිටියන්ට කන්න ටික, බෙහෙත් ටික නැති වුණා. ගොවියන්ට පොහොර ටික නැති වුණා. කර්මාන්ත කඩා වැටීම වැනි බොහෝ බරපතල සිදුවීම් සිදු වුණා. රටේ වෘත්තීයවේදීන් ආචාර්යවරු, මහාචාර්යවරු, වරලත් ඉංජිනේරුවරුන්, දොස්තරවරු දහස් ගණනින් රට හැර ගියා. ඇති හැකි අයගේ දරුවන් රටින් පිටමං වුණා. රට මානව කාන්තාරයක් වුණා. මේ මහා අපරාධය ට සම්බන්ධ වගකිවයුත්තන් කවුද කියන එක ගැන මහා විවාදයක් පසු කාලෙක ගොඩ නැඟුණා. සමහරු කියනවා යහපාලන කාලයේ ගත්ත ණය නිසා කියලා. සමහර අය කෝවිඩ් වසංගතය නිසා රට බංකොලොත් වුණා කිව්වා. ඒ වගේම අරගලය නිසා රට බංකොලොත් වුණා කියන කණ්ඩායමක් හිටියා. දැන් මේ සියලු දෙනාටම නඩු තීන්දුව මගින් උත්තරයක් දීලා තියෙනවා." යනුවෙනි

- රන්ජනා

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us