කකුලෙන් අදින විපක්ෂයට අගමැතිගෙන් ඉල්ලීමක්

Published in පුවත්
Thursday, 16 November 2023 12:23

ලංකාවට ප්‍රමිතියෙන් තොර ඉන්ධන ගෙන්වා ඒවා හොඳ තෙල් සමග මිශ්‍ර කොට පරිභෝජනයට යවා ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවේදී පැවසීය.

ප්‍රමිතියෙන් තොර ඉන්ධන මෙරටට ගෙන්වා ඇති බවට තමා මීට පෙර පැවසූ බව කී සජිත් ප්‍රේමදාස බාල තෙල් හැටියට පරීක්ෂණ වාර්තා වලින් ඔප්පු වූ තෙල් වෙළෙඳ පොළට නිකුත් කර තිබෙන බව පැවසීය.

මේ අතර පසුගිය කාලය පුරාම විරුද්ධ පක්ෂය සැකයන් මතු කළ අතර ඒ සියලුම සැකයන් ආණ්ඩුව විසින් දුරු කර තිබෙන හෙයින් සැකයන් මත තීරණ ගත් කාලය අවසන් කරන්නැයි විපක්ෂයෙන් ඉල්ලා සිටින බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පාර්ලිමේන්තුවේදී පැවසීය.

රාජ්‍ය සේවකයන් දහස් ගණනින් දොට්ට දමන බව විපක්ෂය සැක මතු කළත් එවැනි දේවල් සිදු වුණේ නැතැයි කී අග්‍රාමාත්‍යවරයා ණය ගෙවීමේ ප්‍රශ්නයද නිරාකරණය කරගනිමින් සිටින බව සඳහන් කළේය.

ලංකාව මුහුණ දුන් අමාරු සහ ආරථික කඩාවැටීම සභාවේ කවුරුත් පිළිගන්නා බව පැවසූ අග්‍රාමාත්‍යවරයා දැන් ලංකාව ඉන්නේ ස්ථාවර භාවය සහ වර්ධනය යන ගමන් අවස්ථාවේ බව පැවසීය.

 -P.M

Last modified on Thursday, 16 November 2023 12:28

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us