පළාත් පාලන ආයතන වල සුළු සේවකයන්ට සුබ පණිවිඩයක් !

Published in පුවත්
Thursday, 16 November 2023 14:55

පළාත් පාලන ආයතනවල සේවයේ නියුතු ස්ථිර නොකළ සුළු සේවකයන් ස්ථිර කිරීම සඳහා ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන තිබේ.

ඒ සඳහා අවශ්‍ය පියවර ගැනීමට භාණ්ඩාගාරය හා සාකච්ඡා කරමින් සිටින බවත්, ඒ අනුව පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය සහ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන කියා සිටියේය.

අග්‍රාමාත්‍යවරයා මෙලෙස පැවසුවේ, දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ දී අද (16 ) මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දීමෙනුයි.

 “අවුරුදු 8ක් තිස්සේ මෙසේ වැඩකරන සුළු සේවකයන් 13,000ක් පමණ සිටින බවත්, ඔවුන්ට දැනට ඒ අදාළ පළාත් පාලන ආයතන මගින් වැටුප් ගෙවන බවත්, එමනිසා මෙම සේවකයන් ස්ථිර කිරීමේදී ආණ්ඩුවට මුදලක් වැය නොවන බව දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා සඳහන් කළේය.

ඒ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා සඳහන් කර සිටියේ “මීට පෙරද මෙම ප්‍රශ්නයට පිළිතුරු දී තිබෙනවා. දැනට මේ ගැන සොයාබලා භාණ්ඩාගාරය හා සාකච්ඡා කරමින් සිටිනවා මෙම පිරිස ස්ථිර කිරීමට. එමෙන්ම එම පළාත් පාලන ආයතනවලට දැරීමට හැකි සහ නොහැකි ස්ථාන තිබෙනවා. එමනිසා මෙම ප්‍රශ්නය නිරවුල් කිරීමට, ප්‍රතිපත්තිමය තීරණයක් දැනටමත් ගෙන තිබෙනවා. අවශ්‍ය අනෙකුත් පියවර ගන්නවා” යනුවෙන්

Last modified on Thursday, 16 November 2023 14:56

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us