සජිත්ගේ ගැටලුවට ප්‍රසන්නගෙන් උත්තර

Published in පුවත්
Thursday, 16 November 2023 14:35

කෝප් කමිටුවේ සභාපති වන මහාචාර්ය රංජිත් බණ්ඩාර මන්ත්‍රීවරයා කැන්ඩි ක්‍රිකට් කැම්පස් ව්‍යාපෘතියෙ උපදේශකවරයකු ලෙස කටයුතු කර ඇති බැවින් ලැබැදියාව අතර ගැටුම් තත්ත්වය මත මොහු තවදුරටත් කෝප් කමිටුවේ සභාපතිවරයා ලෙස තබාගත හැකිදැයි විපක්ෂනායකවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කර තිබේ.

මහාචාර්ය රංජිත් බණ්ඩාරගේ පුතා වන කණ්ෂ්ක බණ්ඩාර කෝප් කමිටුවේ වාඩිවී ඇති බවත් එමගින් තමාගේ වරප්‍රසාද උල්ලංඝනය වී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය. ඔහු කෝප් කමිටුවට එනතුරු පාර්ලිමේන්තුවේ බලධාරීන් ගත් ක්‍රියාමාර්ග කවරේදැයි ප්‍රශ්න කළ විපක්ෂ නායකවරයා තමාට වත් කෝප් කමිටුවේ වාඩි විය නොහැකි ලෙස තහනම් කළත්, පාර්ලිමේන්තු නිලධාරියකු නොවන මේ පුද්ගලයා එහි වාඩි වූයේ කෙසේද කියා ගැටලු සහගත යැයි පැවසීය.

මේ සම්බන්දයෙන් පිළිතුරු දෙමින් ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසා සිටියේ කෝප් කමිටුව සදහා එහි සභාපතිවරයාගේ පුත්‍රයා සහභාගී වී ඇත්තේ ස්ථාවර නියෝග අනුව බවයි.

ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග ,

''මෙතුමා චෝදනා කරන මන්ත්‍රීතුමා මේ සභාවේ නෑ. ඒ සභාවේ නැති අවස්ථාවකදී මන්ත්‍රීවරයෙක් සම්බන්ධයෙන් කතා කරන එක සාදාචාර නෑ. විපක්ෂ නායකතුමා එකඟ වෙනවා නම් වරප්‍රසාද ප්‍රශ්නයක් හැටියට අහන්න. ඒක වරප්‍රසාද කමිටුවට දාන්න. ස්ථාවර නියෝග අනුවයි කටයුතු කරලා තිබෙන්නේ. නැත්තම් අපි වැරදි දෙයක් කළා කියලා රටට වැරදිම දෙයක් යනවා.''

 

-P.M

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us