මාස 3ක් තුළ මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 50ක් රේගු භාරයට

Published in පුවත්
Friday, 17 November 2023 08:33

ගෙවී ගිය මාස තුනක කාලය තුළ නීති විරෝධී කුෂ් සහ හශීස් යන මත්ද්‍රව්‍ය ඇතුළත් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 50ක් රේගු භාරයට ගෙන ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය පවසයි.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ කැනඩාවේ සිට මෙරටට ආනයනය කළ බහාලුමක තිබී පසුගිය දා සොයා ගත් කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් නිරීක්ෂණය කිරීම සඳහා ඊයේ (16) ඔරුගොඩවත්ත රේගු අංගනය වෙත ගියා අවස්ථාවේදිය.

පසුගිය මස 25 වැනිදා ශ්‍රී ලංකාවට ආනයනය කරන ලද මෙම බහාලුම පිළිබඳ ඇති වූ සැකය මත රේගුවේ ආදායම් අධීක්ෂණ බලකාය විසින් අත්අඩංගුවට ගන්නා ලදී.

පොලිස් මත්ද්‍රව්‍ය නිවාරණ කාර්යාංශය සමග සිදු කළ පරීක්ෂාවේ දී එහි තිබී කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 6ක් සොයා ගැණින. එම තොගයේ වටිනාකම රුපියල් මිලියන 60ක් පමණ බව අමාත්‍යවරයා සඳහන් කළේය.

ඉතාලියේ සිට ගෙන් වූ බහාලුමක තිබී හෂීස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 35ක් සහ අමෙරිකාවේ සිට ආනයනය කරන ලද බහාලුමක තිබී කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 10.5ක් මීට පෙර සොය ගැනුණි.

-P.M

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us