බදු සංශෝධන නිසා අහිමි වූ බදු යළි අය කරගැනීමට උපදෙස්

Published in පුවත්
Friday, 17 November 2023 09:20

සීනි සහ තිරිගු පිටි ආනයන සීමා සහ බදු සංශෝධන හේතුවෙන් බදු ආදායම් අහිමිවීම පිළිබඳ අවධානය යොමුකර ඒවා යළි අය කරගැනීමට ඇති හැකියාව පිළිබඳ විමර්ශනයක් සිදුකරන ලෙස ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාව විසින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදී තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවකගේ ප්‍රධානත්වයෙන් ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාව රැස්වී ඇති අතර ඊට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කැඳවා තිබුණි.

2020 වසරේදී සීනි සඳහා වන වි‍ශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියල් 50 සිට ශත 25 දක්වා අඩු කිරීමෙන් සමාගම් රුපියල් බිලියන 16කට ආසන්න අනීතික ලාභයක් ලබා ඇති බව විගණන වාර්තාවක් මගින් පෙන්වා දී ඇති බැවින් ඔවුන්ගෙන් නිසි බදු අය කරගැනීමට කටයුතු කරන ලෙස එහිදී උපදෙස් ලබාදී තිබේ.

සීනි බදු වැඩි කිරීමට පෙර අසාමාන්‍ය ලෙස සීනි ටොන් 8,500ක් පමණ ආනයනය කර ඇති බවටත් ඉන් පසු සීනි බදු රුපියල් 50 දක්වා වැඩිකර ඇති බවටත් කාරක සභා සභාපතිවරයා මෙහිදි කරුණු අනාවරණය කළ බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසීය.

ඒ අනුව ඊට අදාළ දත්ත මුදල් අමාත්‍යාංශයෙන් ලබාගෙන මෙම සමාගම් විසින් ලබාගෙන ඇති අයථා ලාභය නිසි පරිදි තක්සේරු කර නිසි බදු අය කරගන්නා ලෙස ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාව විසින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට නිර්දේශ කර තිබේ.

මේ අතර කොළඹ පැවැති සම්මන්ත්‍රණයකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කළේ මෙරට අයබදු ක්‍රමවේදයේ පවතින දුර්වලතා හේතුවෙන් එය සමාජය ඉදිරියේ හාස්‍යයට ලක්වී ඇති බවය.

-P.M

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us