අයවැය පරාජයට පත් වීම රට ආපස්සට හැරවීමක් - සියඹලාපිටිය

Published in පුවත්
Friday, 17 November 2023 09:31

අයවැය පරාජයට පත් වීම යළි රට ආපස්සට හැරවීමක් බවත්, එවන්නක් සිදු කිරීමට පාර්ලිමේන්තුව තුළ සිටින කිසිදු මන්ත්‍රීවරයකුට අවශ්‍යව ඇතැයි තමා නොසිතන බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය පවසා ඇත.

එසේම එම පරාජය රටම යළි අරගල බිමක් බවට පත් කිරීමට හේතුවක් වනු ඇති බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ නිරීක්ෂණ චාරිකාවට එක් වූ අවස්ථාවේ මාධ්‍යෙව්දීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමිනි.

අයවැය හිඟයේ නීත්‍යානුකූලභාවය පිළිබඳ පාර්ලිමේන්තුවේ මතු වූ විවාදය පිළිබඳ ව අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ 2003 අංක 03 දරන රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත මගින් එය 5%ක මට්ටමක පවත්වාගෙන යා යුතු බව දන්වා ඇති බවයි.

එහෙත් ගෙවී ගිය වසර 20 තුළ පැවැති කිසිදු රජයක් එම වගන්තියට අනුව කටයුතු කිරීමට අපොහොසත් වී ඇතැයි පෙන්වා දුන් අමාත්‍යවරයා කියා සිටියේ ආර්ථික අර්බුදය උග්‍රව පවතින මෙවැනි තත්ත්වයක් තුළ අයවැය හිඟයේ නීත්‍යානුකූලභාවය පිළිබඳ ප්‍රශ්න කිරීම ම ගැටලුවක් බවයි.

-P.M

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us