අය වැයෙන් ආදායම් බදු වැඩි කළත් අඩු ආදායම්ලාභී ජනතාවට සහනාධාර ලබා දෙනවා...

Published in පුවත්
Friday, 17 November 2023 12:12

අධ්‍යාපනයේ, ආර්ථිකයේ, සෞඛ්‍යයයේ සහනාධාර ජනතාවට ලබාදීම සඳහා රුපියල් ට්‍රිලියනයක මුදලක් මෙවර අය වැයෙන් වෙන් කර ඇතැයි සෞඛ්‍ය හා කර්මාන්ත ඇමැති වෛද්‍ය රමේෂ් පතිරණ   පැවසීය.

අය වැය දෙවැනි වර කියවීමේ තෙවැනි දින විවාදයට එක්වෙමින් (16) දින පාර්ලිමේන්තුවේ දී ඇමැතිවරයා මේ බව පැවසීය.

අමාත්‍යවරයා පවසා සිටියේ  බදු ආදායම් වැඩි කළා මෙන්ම අඩු ආදායම්ලාභී ජනතාවට සහනාධාර ලබාදීමට ද අය වැයෙන් යෝජනා ඉදිරිපත් කර තිබෙන බවයි.

වැඩිදුරටත් අදහස් දැක්වූ සෞඛ්‍ය හා කර්මාන්ත ඇමැති වෛද්‍ය රමේෂ් පතිරණ,

‘‘රටේ ස්ථාවරභාවයට සමාජ දේශපාලන ස්ථාවරභාවයත් ඉතාම වැදගත්. ආදායම් හා වියදම් පිළිබඳ ප්‍රධාන කාරණාවට ඕනෑම ආණ්ඩුවකට මුහුණ දීමට සිදු වෙනවා. රටෙන් බදු අය කරලා රාජ්‍ය සේවකයන්ට පමණක් වැටුප් වැඩි කර ඇති බව අශෝක් අබේසිංහ මහතා පවසනවා. පසුගිය ආණ්ඩුව බදු කපා හැරීම නිසා තමයි රට මේ තත්ත්වයට ඇද වැටුණේ. එය නිවැරදි කළ යුතුයි. රටේ ජනතාවට, වෘත්තිකයන්ට පීඩනයක් එල්ල වීම ගැටලුවක්. බදු බරක් පැටවී තිබෙනවා. බදු ආදායම් වැඩි කර නොගෙන ජනතාවට සහන සැලසිය නොහැකියි. ලංකාව සුබසාධන රාජ්‍යයක් විදියට පවතිනවා. එය වර්තමානයේ වෙනස් වෙලා නැහැ. වෙනස් කිරීමට හැකියාවකුත් නැහැ. ඒ නිසා තමයි වත්මන් ජනාධිපතිවරයා වුණත් බදු ආදායම් වැඩි කර ගන්නා ගමන් අඩු ආදායම්ලාභී ජනතාවට අය වැය සහන ලබාදීමට වෙන් කර තිබෙන්නේ. අස්වැසුම වෙනුවෙන් රුපියල් බිලියන 180ක් වෙන් කර තිබෙනවා. පසුගිය වසරේ සමෘද්ධිය ලබාදුන්නා වගේ දෙගුණයක මුදලක්. වැඩිහිටියන් වෙනුවෙන් රුපියල් බිලියන 6ක්. වකුගඩු රෝගීන්ට රුපියල් බිලියන 8ක් ලෙස වෙන් කර තිබෙනවා.

පීඩනයට පත් වන අය ආරක්ෂා කළ යුතුයි. අඩු ආදායම්ලාභී පිරිස් වෙනුවෙන් සහන දෙන්න අවධානයක් අය වැයෙන් යොමු කර තිබෙනවා. රේගු, සුරාබදු, දේශීය ආදායම් බදු කෙරෙහි වැඩි සැලකිල්ලක් දැක්විය යුතුයි. මේ දෙපාර්තමේන්තුවල බදු එකතු කිරීමේදී අඩුපාඩු බොහොමයක් තිබෙනවා. මේවායේ පුද්ගල සම්බන්ධතා අඩු කර තාක්ෂණය යොදා ගනිමින් බදු අය කර ගැනීම් වෙත යොමු විය යුතුයි. ආනයන තහනමක් පසුගිය කාලයේ තිබුණා. නමුත් තහනම් කළ භාණ්ඩ වෙළඳපොළේ තිබුණේ. එම භාණ්ඩයන් වෙළෙඳපොළට පැමිණියේ බෝට්ටුවලින් නොවේ. රේගුවෙන් තමයි ඒ භාණ්ඩ පැමිණියේ. මේවා සොයා බැලිය යුතුයි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඖෂධ නියාමන අධිකාරියේ දත්ත පද්ධතිය විනාශ කිරීමට නිලධාරීන් පසුගිය කාලයේ කටයුතු කළා.”

Last modified on Friday, 17 November 2023 12:13

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us