දේවගැති ජෙරම් අත්අඩංගුවට ගන්න එපා ! අධිකරණයෙන් නියෝග

Published in පුවත්
Friday, 17 November 2023 12:17

දේවගැති ජෙරම් ප්‍රනාන්දු විදේශගතව සිට මෙරටට පැමිණෙන අවස්ථාවේදී ගුවන්තොටුපොළේදී ඔහුව අත්අඩංගුවට නොගන්නා ලෙස දක්වමින් අභියාචනාධිකරණය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝගයක් නිකුත් කර තිබේ.

දිවයිනට පැමිණීමෙන් අනතුරුව දේවගැතිවරයා පැය 48 තුළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඩිජිටල් වෝහාරික අංශයේ පෙනීසිට ප්‍රකාශයක් ලබාදිය යුතු බවත් අධිකරණ නියෝගයේ සඳහන් ය.

පසුගිය මැයි(16) දා බුදුන් වහන්සේට සහ තවත් ආගමික විශ්වාසයන් නිගරු වන අන්දමින් අදාළ දේවගැතිවරයා සිදුකළ ප්‍රකාශයක් පසුගියදා සමාජයේ දැඩි කතාබහට ලක්වුණා.

එම ප්‍රකාශය සම්බන්ධයෙන් විවිධ පාර්ශව ඔහුට එරෙහිව නීති අංශ වෙත පැමිණිල්ලක් ද සිදුකළා.

මේ අනුව සර්ව පාක්ෂික අරගලකරුවන් සංවිධානය, භික්ෂු පෙරමුණ සහ පිවිතුරු හෙළ උරුමය ආදී පාර්ශවයන් දේවගැතිවරයාට එරෙහිව පැමිණිලි ගොනු කරමින් දේවගැතිවරයාගේ ප්‍රකාශයට සිය විරෝධය පළ කළා.

මේ අතර දේවගැතිවරයා සිදුකරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වන ලෙස ජනාධිපතිවරයාද නියෝග කර ඇති පසුබිමක ඔහු සහ ඔහුගේ බිරිඳ සහ දියණියන් දෙදෙනා ද මැයි මස (16) සිංගප්පුරුව බලා ගොස් තිබුණා.

මේ අතර, ජෙරම් ප්‍රනාන්දු දේවගැතිවරයා රටින් පිටවීම වළක්වාලමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් එදිනම කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් වාරණ නියෝගයක් ලබාගෙන තිබුණා.

ඒ ඔහු සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශන පිළිබඳව කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ ඉදිරියේ කරුණු දැක්වීමෙන් පසුවයි.

මේ අතර රටෙන් පිටවීමේ වාරණ නියෝගය ලබාගන්නා විටත් රටෙන් පිටවී සිටින දේවගැති ජෙරම් ප්‍රනාන්දු නැවත දිවයිනට පැමිණෙන විටදී අත්ඩංගුවට ගැනීමට හැකියාව තිබෙනව බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දුව පවසා තිබුණා .

 

-P.M

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us