මාරාන්තික ඩෙංගු මදුරුවෝ රට පුරා .අධි අවදානම් කලාප 45ක්. ආසාදිතයන් 72,840ක්

Published in පුවත්
Monday, 20 November 2023 08:05

රට පුරා ඩෙංගු අසාදිතයන්ගේ සංඛ්‍යාව 72,840ක් දක්වා වර්ධනය වී ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ නිමල්කා පන්නිලහෙට්ටි ඊයේ(19) පවසා තිබේ.

ඩෙංගු අධි අවදානම් කලාප කලාප 45ක් මේ වන විට නම් කර ඇති අතර කොළඹ දිස්ත්‍රික්කයෙන් 10ක් ද, ගම්පහ දිස්ත්‍රික්කයෙන් 08ක් ද, කළුතර දිස්ත්‍රික්කයෙන් 03ක් ද, මහනුවර දිස්ත්‍රික්කයෙන් 11ක් ද, මාතලේ දිස්ත්‍රික්කයෙන් 02ක් ද, ගාල්ල දිස්ත්‍රික්කයෙන් 02ක් ද, මඩකලපුව දිස්ත්‍රික්කයෙන් 01ක් ද, කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් 01ක් ද , පුත්තලම දිස්ත්‍රික්කයෙන් 04ක් ද, කෑගල්ල දිස්ත්‍රික්කයෙන් 03ක් ද වශයෙන් එම කලාප හඳුනාගෙන තිබේ.

වැඩිම ආසාදිතයන් සංඛ්‍යාව බස්නාහිර පළාතෙන් වාර්තා වන අතර එම ප්‍රමාණය 34,645කි. එය ප්‍රතිශතයක් ලෙස සියයට 47.5ක් බවද ඇය කීවාය.

මේ මස තුළදී පමණක් ආසාදිතයන් 4,347ක් වාර්තා වී තිබේ. මේ වන විට කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 15,464ක් ද, ගම්පහ දිස්ත්‍රික්කයෙන් 14,596ක් ද, කළුතර දිස්ත්‍රික්කයෙන් 4,585ක් ද, මහනුවර දිස්ත්‍රික්කයෙන් 7,068ක් ද, පුත්තලම දිස්ත්‍රික්කයෙන් 3,371ක් ද, කෑගල්ල දිස්ත්‍රික්කයෙන් 3,065ක් ද, රත්නපුර දිස්ත්‍රික්කයෙන් 2,933ක් ද, කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් 2,797ක් ද වාර්තා වී තිබේ. නොවැම්බර් 06 වැනිදා සි⁣ට 12 වැනිදා දක්වා වන 45 වැනි සතියේ ඩෙංගු ආසාදිතයන් 1,586ක් වාර්තා වී ඇති අතර 44 වැනි සතියට සාපේක්ෂව එය සියයට 3.5ක වැඩි වීමකි.

ඩෙංගු ව්‍යාප්තිය අවම කිරීම සඳහා මෙම වැසි කාලයේදී පරිසරය පිරිසිදුව තබා ගැනීමටත් වැසි ජලය ඒකරාශි වන ස්ථාන පිරිසිදු කර මදුරුවන් බෝ වීම වළක්වා ගැනීමටත් පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවද ඇය පැවැසුවාය.

 

-P.M

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us