මෙතෙක් ඉතිහාසයේ ගෙවා ඇති වැඩිම වන්දි මුදල ගොවීන්ට බෙදා දීම ඇරඹේ .ඉන්ධන 40L කුත් නොමිළේ

Published in පුවත්
Monday, 20 November 2023 08:16

2023 යල කන්නයේ වගා හානි සඳහා වන්දි මුදල් ප්‍රදානය කිරීමේ පළමු අදීයර ඊයේ (19) පෙරවරුවේ අඟුණකොළපැලැස්සේ දී සිදු කෙරිණි.

යල කන්නයේ නියඟය හා ගංවතුර නිසා සිදුවූ වගා හානි සඳහා ඉතිහාසයේ මෙතෙක් ගෙවා ඇති වැඩිම වන්දි මුදල මෙම වසර තුළ ගොවි ජනතාවට ගෙවීම වගා හානි සිදුවී මාස දෙකක් ගත වෙන්නට මත්තෙන් ආරම්භ කිරීමට රජයට හැකි වූ බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර පැවසීය.

කෘෂිකාර්මික හා ගොවි ජන රක්ෂණ මණ්ඩලය විසින් රජයේ මුල්‍ය ප්‍රතිපාදන ලැබෙන තෙක් එම මණ්ඩලය සතු මුදල් ප්‍රතිපාදනවලින් රුපියල් මිලියන 389ක් මෙම පළමු අදියර සඳහා වැය කිරීමට තීරණය කර ඇත.

ඒ අනුව හම්බන්තොට දිස්ත්‍රික්කයේ වගා හානි සිදුවූ ගොවීන් 375කට අමාත්‍යවරයා අතින් වන්දි මුදල් ප්‍රදානය කරනු ලැබීය.

මෙම වන්දි මුදල් ලබා දීමේදී වී, මිරිස්, අර්තාපල්, බඩඉරිඟු, සෝයා බෝංචි හා ලොකු ලූනු යන බෝග සඳහා වන්දි පිරිනැමේ. ඒ යටතේ නියඟය, අධික වර්ෂාව හා වනඅලින්ගෙන් සිදුවන හානි සැළකිල්ලට ගෙන මෙම වන්දි පිරි නැමෙනු ඇත.

දැනට සිදු කර ඇති සමීක්ෂණ අනුව නියඟය නිසා අක්කර 65,000ක් ද, වර්ෂාව නිසා අක්කර 11,000ක් ද හානියට පත්ව තිබේ. හෙක්ටෙයාර් එකකට රුපියල් 100,000 ක් බැගින් උපරිමයකට යටත්ව වගා හානි වන්දි ලබා දීම සිදු කෙරේ.

අද දින වන්දි ප්‍රදානය කිරීම අනුව හම්බන්තොට මහවැලි බල ප්‍රදේශයේ අක්කර 13,451කට රුපියල් මිලියන 360ක් හා චන්ද්‍රිකාවැව, කොළොන්න,පනාමුරේ, හා තිබොල්කැටිය ගොවිජන බලප්‍රදේශවල අක්කර 89ක් සඳහා රුපියල් 24,ලක්ෂ 98 දහස් 400ක මුදලක් ප්‍රදානය කරනු ලැබීය.

මෙහිදී අදහස් පළ කළ කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර –

''2023 යල කන්නයේ දී බලපෑ විශාල නියඟය හා ඊට පසු පැවැති අධික වර්ෂාව නිසා අපේ ගොවි ජනතාවට විශාල දුක් ගැහැටවලට මුහුණ දීමට සිදු වුනා. රටේ ආර්ථික අර්බුදකාරි තත්ත්වයක් පැවැතියත් ගොවි ජනතාවට යම් සහනයක් ලබා දෙන්න ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා එකඟත්වය පළ කළා.

මින් පෙර කිසිදු අවස්ථාවක කෙටි කාලයක් තුළ වගා හානි වන්දි ගෙවීමට පියවර ගෙන නැහැ. සාමාන්‍යයෙන් වගා හානි වන්දි ගෙවන්නේ අවුරුද්දක් පමණ කාලයකට පසුවයි. නමුත් මෙවර අපි මාස

දෙකක් ගතවීමට මත්තෙන් වගා හානි වන්දි ගෙවීම ආරම්භ කළා.

වගා හානි වන්දි ගෙවීමට අවශ්‍ය මුල්‍ය ප්‍රතිපාදන රජයෙන් තවමත් ලැබී නැතත් කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය සතු මුල්‍ය ප්‍රතිපාදන යොදා ගනිමින් වන්දි ගෙවීම ආරම්භ කරන ලෙස මම එම මණ්ඩලයට උපදෙස් දුන්නා.

වගා හානි සඳහා හෙක්ටයාර් එකකට රුපියල් 100,000ක් ලබා දීම සමහර විට ප්‍රමාණවත් නොවන්නට පුළුවන් බව අපි දන්නවා ඒ වුනත් මෙවර විශාල වන්දි මුදලක් ගෙවන්නට සිදුවෙනවා. එම මුදල මෙතෙක් ඉතිහාසයේ වගා හානි සඳහා ලබා දෙන වැඩිම මුදල විය හැකි යැයි අපි උපකල්පනය කරනවා.

වගා හානි සිදුවූ ගොවි ජනතාව සිටින්නේ ඉතාමත් අපහසුවෙන්. ඒ අයට තවදුරටත් වගාව සදහා වැය කරන්න මුල්‍ය ප්‍රතිපාදන නැහැ. ඒ නිසා මෙම වගා හානි වන්දි කඩිනමින් ලබා දීම මත ඒ අයට කිසියම් සහනයක් ලැබෙනු ඇතැයි අපි විශ්වාස කරනවා.

ඒ වගේම සියලුම වගා හානි සිදුවූ ගොවි ජනතාවට ඉන්ධන ලීටර් 40 බැගින් නොමිලයේ ලබා දීමත් අද දින අපි ආරම්භ කරනවා. චීන රජය විසින් අපිට ලබා දුන් ඉන්දන ලීටර් මිලියන 6.9කින් තවත් ලීටර් මිලියන දෙකක් ඉතිරිව තිබෙනවා. එම ඉන්දන තොගය වගා හානි සිදු වූ ගොවි ජනතාවට ලබා දීමට අපි තීරණය කළා''

 

-P.M

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us