පා.ම ධුරය අහෝසි කිරිමට හැකි නව විනය පනතක් !

Published in පුවත්
Monday, 20 November 2023 08:39

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විනය සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගැනීම සඳහා නව පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ විජයදාස රාජපක්ෂ පවසයි.

යම් මන්ත්‍රීවරයෙකු සිය තනතුරේ ගෞරවය ආරක්ෂා නොවන පරිදි කටයුතු කරන්නේ නම් එම නියෝජිතයාගේ මන්ත්‍රීධුරය අහෝසි කිරිමට හැකි ප්‍රතිපාදන එම පනතට ඇතුළත් කර ඇති බවයි අධිකරණ අමාත්‍යවරයා සඳහන් කළේ.

"පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ චර්යා ධර්මය පිළිබඳව සහ හැසිරීම පිළිබඳව රටේ ජනතාවට විශාල විවේචනයක් තියෙනවා. ඒක සාධාරණ විවේචනයක්. පහුගිය කාලය පුරාවට එම වගකීම මන්ත්‍රීවරු ඉෂ්ඨ නොකිරීම නිසා නොයෙකුත් පියවර අපි අරගෙන තියෙනවා. ඒ අතරට අපි ඉදිරිපත් කරලා තියෙනවා අමාත්‍ය මණ්ඩලයට යෝජනාවක්. පාර්ලිමේන්තුවට අලුතින් පනත් කෙටුම්පතක් ඉදිරිපත් කරන්න පාර්ලිමේන්තු ප්‍රමිතිය පිළිබඳව පනතක්. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ගේ තනතුරේ ගෞරවය ආරක්ෂා නොවන විදියට කටයුතු කරනවා නම් සහ නීතිවිරෝධී යම්දෙයක් කරලා තියෙනවා නම් ස්වාධීනව පත්කරන කමිටුවක් මඟින් එම මන්ත්‍රීවරයාට දඬුවම් නියම කරන්න. විශේෂයෙන්ම මන්ත්‍රී ධුරය අහෝසි වෙන විදියට තමා අපි ඒ පනත් කෙටුම්පතට පනත් ඇතුළත් කරලා තියෙන්නේ."

 

-P.M

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us