අයවැයට පුර්ණ සහයෝගය දෙනවා - ඇමැති ලසන්ත

Published in පුවත්
Monday, 20 November 2023 08:32

මෙවර ඉදිරිපත් කළ අය වැය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීම සඳහා පූර්ණ සහයෝගය ලබා දෙන බව ප්‍රවාහන රාජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර තිබේ.

රාජ්‍ය ඇමැතිවරයා මේ බව පැවසුවේ 2024 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදයේ පස් වන දින විවාදයට එක්වෙමිනි.

එහිදී ඔහු කියා සිටියේ විවිධ අසීරුතාවයන් මැද ජනාධිපතිවරයා ඉදිරිපත් කර ඇති මෙම අය වැය සම්බන්ධයෙන් ප්‍රශංසාව පළ කරන බවයි..

මූල්‍ය වගකීම යටතේ ප්‍රතිපාදන වෙන් කරනවා සේම එම වෙන් කරන ලද මුදල් පිළිබඳව නිසි කළමනාකාරීත්වයෙන් යුතුව ක්‍රියාත්මක කළාද යන්න සොයා බැලීම පාර්ලිමේන්තුවට පැවරෙන වගකීමක් බවද රාජ්‍ය ඇමැතිවරයා පැවසීය.

මෙවර අය වැය තුළ සාධනීය යෝජනා රැසක් දක්නට ලැබෙන බවත් රාජ්‍ය ඇමැතිවරයා පැවසීය.
එමෙන්ම තොරතුරු තාක්ෂණය හඳුන්වා දීමටත් මෙවර අය වැයෙන් ප්‍රමුඛතාවය ලබා දී ඇතැයි රාජ්‍ය ඇමැතිවරයා පෙන්වා දුන්නේය. රාජ්‍ය ආයතන ඒකාබද්ධ කරමින් මෙම දත්ත පද්ධතිය ක්‍රියාත්මක කළ යුතු බව ඇමැතිවරයා කීය.

-P.M

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us