කථානායකවරයාගෙන් විශේෂ ප්‍රකාශයක්

Published in පුවත්
Monday, 20 November 2023 10:34

කාරක සභා පැවැත්වෙන අවස්ථාවේ දී වෙනත් කිසිදු භාහිර පුද්ගලයෙකුට එම රැස්වීම් කාමර තුළට ඇතුළු විය නොහැකි බව පාර්ලිමේන්තු කාරක සභා රැස්වීම් පිළිබඳව විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් කථානායක මහින්ද යාපා අබේවර්ධන ප්‍රකාශ කර ඇත.

ඒ පාර්ලිමේන්තු කටයුතු ආරම්භ කිරීමෙන් අනතුරුවය.

එමෙන්ම කාරක සභා සභාපතිවරුන් තමන්ගේ විෂය සීමාව ඉක්මවා කාරක සභාවේ වැඩකටයුතු සිදුකිරීම සම්බන්ධයෙන් තමා වෙත විවිධ අවස්ථාවලදී කරුණු වාර්තා වී ඇතැයි ද පැවසු කථානායකවරයා පාර්ලිමේන්තුවේ දීර්ඝ කාලයක් පුරා පැවති සාම්ප්‍රදායන් ආරක්ෂා වන අයුරින් කටයුතු කිරීමට සියලුම කාරක සභා සභාපතිවරුන් ස්ථාවර නියෝග අනුව බැඳී සිටින බව ද අවධාරණය කළේය.

පාර්ලිමේන්තු නිලධාරීන්ට අමතරව කාරක සභා සභාපතිවරුන් විසින් වෙනත් අයෙක් කාරක සභාවේ වැඩකටයුතු සඳහා ගෙන්වා ගන්නේ නම් ඒ සඳහා තමාගේ පූර්ව ලිඛිත අවසරය ලබාගත යුතු බව ද කථානායකවරයා පැවසීය.

තවද කාරක සභාවල වැඩකටයුතු කරගෙන යන අවස්ථාවේ දී විවිධ අමාත්‍යාංශවල, දෙපාර්තමේන්තු, ව්‍යවස්ථාපිත හෝ නොවන ආයතනවල රජයේ නිලධාරීන් කැඳවීමේ දී ඔවුන් අපහසුතාවයට පත් නොවන අයුරින් සහ අදාළ කාරක සභාව විසින් අනුමත කරන ලද කාරණා පමණක් සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදන නිකුත් කිරීමටත් වගබලා ගන්නා ලෙස කථානායකවරයා මෙහිදී දැනුම් දුන්නේය.

එමෙන්ම නිල ලිපි කිසිදු අවස්ථාවක දේශපාලන හෝ පෞද්ගලික කාර්යයන් සඳහා භාවිත නොකළ යුතු බවත් කථානායකවරයා මෙහිදී අවධාරණය කළේය.

 

-P.M

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us