ජනගහනයත් අලි ගහනයත් වැඩි වීම බරපතළ අභියෝගයක් - පවිත්‍රා වන්නිආරච්චි

Published in පුවත්
Monday, 20 November 2023 14:14

පොලොන්නරුව දිස්ත්‍රික්කයේ බොහෝ ප්‍රදේශ වලට දීර්ඝ කාලයක සිට බලපා ඇති වන අලි උවදුර අවම කරලීම ගතයුතු ක්‍රියාමාර්ග සහ වන ජීවී බල ප්‍රදේශ හේතුවෙන් ජනතාව මුහුණ දෙන ගැටළු විසඳීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳ විශේෂ සාකච්ඡාවක් අද ( 20) දින පැවැත්විය.

පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේ දී වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය නීතීඥ පවිත්‍රා වන්නිආරච්චිගේ ප්‍රධානත්වයෙන් සහ මහමාර්ග රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලතගේ සහභාගීත්වයෙන් මෙය පැවැත් වූ අතර අලි මිනිස් ගැටුම විසඳීම සඳහා කෙටිකාලීන හා දිගුකාලීන ක්‍රියාත්මක කළ යුතු බවත් ඒ සඳහා වනජීවී හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව කඩිනමින් කටයුතු කළ යුතු බවටත් අමාත්‍යවරිය විසින් අධ්‍යක්ෂක ජෙනරාල් ඇතුළු නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නාය.

දීර්ඝ කාලයක සිට වන සංරක්ෂිත ප්‍රදේශ තුළ ගොවිතැන් කටයුතු සිදු කරන , පාරමිපරික කර්මාන්තයන්හි නියැලෙන හා ජීවත්වන ගැටලු විසඳීම සඳහා ඔවුන්ගේ ඉඩම් හිමිකම් පිළිබඳ තොරතුරු කඩිනමින් අන්තර් අමාත්‍යංශ අනුකමිටුව වෙත දිස්ත්‍රික් ලේකම් මගින් යොමු කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරන ලෙස ප්‍රාදේශීය ලේකම්වරුන්ට මෙහි දී උපදෙස් ලබා දුන්නාය.

ජනගහනය වැඩිවීමත් , අලි ගහනය වැඩිවීමත් සීමිත භූමියක් ඇති ලංකාව වැනි රටකට බරපතළ අභියෝගයක් බව තේරුම් අරගෙන කටයුතු කළ යුතු බව එහිදී අමාත්‍යවරිය අවධාරණය කළේය

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us