මෙවර අය වැයේ ඉතා ආකර්ෂණීය යෝජනා තියෙනවා - ගයන්ත Featured

Published in පුවත්
Tuesday, 21 November 2023 08:56

මෙවර අය වැය යෝජනා අතර, ඉතා ආකර්ෂණීය යෝජනා තිබෙන බවත් ඒවා වචනවලට පමණක් සීමා නොකර ප්‍රායෝගික යථාර්ථයක් කිරීමට පියවර ගත යුතු බවත් සමඟි ජන බලවේගයේ ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී ගයන්ත කරුණාතිලක පාර්ලිමේන්තුවේ දී ඊයේ (20) පැවසුවේය.

මන්ත්‍රිවරයා මේ බව පැවසුවේ අය වැය දෙවැනි වර කියවීමේ හයවැනි දින විවාදයට එක්වෙමිනි.

''අය වැය තුළින් රජයේ සේවකයන්ට වැටුප් වැඩිවීමක් ගැන කතා කළා. සුරක්ෂා රක්ෂණ ක්‍රමය ප්‍රායෝගික යථාර්ථයක් විය යුතුයි. ජනාධිපතිවරයා අගමැති කාලයේ මම ඉඩම් ඇමැතිවරයා විදියට හිටියා. ලක්ෂ 20කට ඉඩම් සින්නක්කර අයිතිය දීමට මුදල් අය වැයෙන් මෙවර වෙන් කර තිබෙනවා. එය ඉතාම හොඳ යෝජනාවක්. ඒවා යෝජනාවලට පමණක් සීමා නොවී යථාර්ථයක් කළ යුතුයි.

අයවැයේ අලුත් කතන්දර මොනවා කීවත් ආබාධ, වැඩිහිටි, වකුගඩු රෝගීන්ට දෙන දීමනා මාස තුනකින් පමණ ලැබී නැහැ. අධ්‍යාපනයට හා සෞඛ්‍යයට මුදල් වෙන් කරන ගමන් වැඩි මුදලක් ජනාධිපතිවරයා යටතේ පවතින අමාත්‍යාංශවලට වෙන් කර තිබෙනවා. බදු ගැසීම නිසා දෛනික ජීවිතය ගත කරන ජනතාව දැඩි අපහසුතාවට ලක්ව තිබෙනවා. කාන්තාවන්, ළමයින් ගැන ලොකු ප්‍රශ්න තිබෙනවා. කාන්තා හා ළමා අමාත්‍යාංශයට තිබෙන මුදල් පසුගිය වසරට වඩා මේ වර්ෂයේ අඩු කර තිබෙනවා''

 

-P.M

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us