මාර්ග සංවර්ධනයෙදී කොන්ත්‍රාත්කරුවන්ට බිලියන 167ක් ගෙවා අවසන්

Published in පුවත්
Wednesday, 22 November 2023 06:48

100,000kmක් මාර්ග සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය යටතේ කොන්ත්‍රාත්කරුවන් වෙත රුපියල් කෝටි 16,700ක (බිලියන 167.3) මුදලක් පසුගිය ඔක්තෝබර් මස 31 වැනිදා වන විට ගෙවා අවසන් බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන පාර්ලිමේන්තුවේදී ඊයේ (21) පැවසීය.

මෙම ව්‍යාපෘතිය යටතේ මාර්ග 13,160ක සංවර්ධන කටයුතු සිදු කරන අතර, එය දුර ප්‍රමාණය අනුව කිලෝමීටර 17,847ක් බවත් මාර්ග 5201ක කිලෝමීටර 9298ක් දුර ප්‍රමාණය සංවර්ධනය කර අවසන් බවත් ඇමැතිවරයා පැවසුවේය.

මාර්ග කිලෝමීටර ලක්ෂය සංවර්ධන ව්‍යාපෘතිය යටතේ සංවර්ධන කටයුතු අවසන් කර නොමැති මාර්ගවල දුර ප්‍රමාණය කිලෝමීටර 11,549ක් බවත් මෙම ව්‍යාපෘතිය යටතේ මාර්ග සංවර්ධන කටයුතු සිදු කළ කොන්ත්‍රාත්කරුවන්ට රුපියල් බිලියන 5ක මුදලක් ගෙවීමට ඇති බවත් ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

ආර්ථික ගැටලු හේතුවෙන් නතර කළ සංවර්ධන ව්‍යාපෘති නැවත ආරම්භ කරන විට ප්‍රමුඛතාව ලබා දිය යුතු මාර්ග හඳුනා ගැනීමේ වැඩපිළිවෙළක් දිස්ත්‍රික්ක මට්ටමින් ක්‍රියාත්මක කර ඇති බව ද ඇමැතිවරයා පැවසුවේය.

පොලොන්නරුව, අනුරාධපුරය දිස්ත්‍රික්ක තුළ මෙම වැඩපිළිවෙළ දැනට ක්‍රියාත්මක කර අවසන් බවත් සෑම දිස්ත්‍රික්කයකම දිසාපතිවරු, ප්‍රාදේශීය ලේකම්වරු, මන්ත්‍රීවරු සම්බන්ධ කර ගනිමින් පළාතේ පිහිටි ප්‍රමුඛතාව ලබාගත යුතු මාර්ග සම්බන්ධයෙන් තොරතුරු ලබා ගැනීමට රැස්වීම් පවත්වන බවත් ඇමැතිවරයා කීය.

ඉංජිනේරුවන්, උසස් නිලධාරීන්, ආයතන ප්‍රධානීන්, රාජ්‍ය පරිපාලන නිලධාරීන් ඒකාබද්ධව මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් දෙවැනි ණය වාරිකය ලැබීමෙන් අනතුරුව මෙම සංවර්ධන ව්‍යාපෘති නැවත ක්‍රියාත්මක කළ හැකි බවත් ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

 

-P.M

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us