O/L ප්‍රතිඵල දින කිහිපයක් තුළ

Published in පුවත්
Wednesday, 22 November 2023 06:57

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ඉදිරි දින කිහිපය තුළ නිකුත් කරන බව අධ්‍යාපන ඇමැති, ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත පාර්ලිමේන්තුවේදී ඊයේ (21) පැවසීය.

ඉතිහාසයේ ප්‍රථම වතාවට මාසයක් තුළ පහ වසර ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත් කිරීම පසුගියදා සිදු කළ බවත් ඉදිරියේදී පැවැත්වීමට නියමිත උසස් පෙළ විභාගයේ සියලු කටයුතු මේ වන විට සම්පාදනය කර ඇති බවත් ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

පසුගිය උසස් පෙළ ප්‍රතිඵල ප්‍රමාද වූයේ උත්තර පත්‍ර පරීක්ෂාව මාස තුනක් ප්‍රමාද වූ නිසා බවත් එසේ නොවුණේ නම් උසස් පෙළ විභාගය නොවැම්බර් මස ආරම්භ කිරීමට හැකියාව තිබූ බවත් ඇමැතිවරයා පැවසුවේය.

විභාග කල් යෑම නිසා දරුවන් වයස්ගත වන අතර, හැකි ඉක්මනින් විභාග පවත්වා නිසි කාලයට ප්‍රතිඵල නිකුත් කරමින් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කිරීමට පියවර ගත යුතු බව ද ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

-P.M

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us