IMMUNOGLOBULIN සිද්ධියේ විමර්ශනයට CID ය වෛද්‍ය සැපයුම් අංශයට පනී

Published in පුවත්
Wednesday, 22 November 2023 08:12

ආන්දෝලත්මක ප්‍රමිතියෙන් තොර HUMAN IMMUNOGLOBULIN සිද්ධියේ විමර්ශනයට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයට ගොස් එහි ලිපි ලේඛන ගොනු තොගයක් ඊයේ (21) පෙරවරුවේ පරීක්ෂාවට ලක්කර තිබිණි.

මෙම ලේඛන පරීක්ෂාව සිදුකරනු ලැබුවේ මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රමගෙන් ලද නියෝගයකට අනුව බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් සඳහන් කළේය.

පෙරවරු 9.00ට පමණ වෛද්‍ය සැපයුම් අංශයට පැමිණි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පැය කිහිපයක් පුරාවට ලිපිගොනු රැසක් දැඩි පරීක්ෂාවකට ලක්කර තිබේ. එහිදී වැදගත් තොරතුරු රැසක් අනාවරණය කර ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට හැකියාව ලැබී ඇත. මෙහිදී විශේෂ පරීක්ෂාවකට ලක්කර ඇත්තේ මේ වන විට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂ කපිල වික්‍රමනායකගේ කාර්යාලයේ ඇති ලිපිගොනු රැසකි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලද පැමිණිලි 05ක් සම්බන්ධයෙන් HUMAN IMMUNOGLOBULIN නමැති ප්‍රතිදේහ එන්නත් කුප්පි මිල දී ගැනීම සම්බන්ධයෙන් වූ විමර්ශනය ආරම්භ කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව කීය.

එම විමර්ශනයට අදාළව අධිකරණය මඟින් මේ වන විට පුද්ගලයන් 13 දෙනකුගේ විදෙස් ගමන් තහනම් කර ඇති බව ද නිහාල් තල්දූව පැවසීය. අදාළ එන්නත් කුප්පි වෛද්‍ය සැපයුම් අංශයට ලබාදුන් සමාගමේ ප්‍රධානියකු ද මෙයට පෙර අත්අඩංගුවට ගෙන තිබුණු බවත් ඔහු මේ වන විට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින බවත් නිහාල් තල්දූව කීය.

වෛද්‍ය සැපයුම් අංශයේ සිව්දෙනා ද සමඟ මේ වන විට මෙම සිදුවීමට අදාළව පස්දෙනකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින බව ද ඔහු පැවසීය.

 

-P.M

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us