අයවැය යථාර්තයක් කරමින් ගොවි ජනතාවට තාක්ෂණික උපකරණ කට්ටල

Published in පුවත්
Wednesday, 22 November 2023 08:33

ගොවිජන සංවර්ධන මධ්‍යස්ථානවල ගොවි ජනතාවට තොරතුරු හා උපදෙස් ලබා දීම සඳහා තාක්ෂණික උපකරණ කට්ටල ලබා දීම ඊයේ (21) කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ දී සිදුවිය.

දේශගුණ සුහුරු වාරි කෘෂිකර්ම ව්‍යාපෘතිය මගින් ලෝක බැංකු ආධාර යටතේ මෙය ලබා දීම සිදු විය.

සියලුම ගොවිජන සේවා මධ්‍යස්ථාන කෘෂි තාක්ෂණික කේන්ද්‍ර බවට පත් කිරීමට පියවර ගන්නා බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ අයවැය ලේඛනයේ දී ඉදිරිපත් කළ යෝජනාව අනුව ගොවිජන මධ්‍යස්ථානවලින් ගොවීන්ට අවශ්‍ය තොරතුරු ලබා දීමට මෙම පියවර ගෙන තිබෙනවා.

ගොවි ජනතාව නව කෘෂි තාක්ෂණය සමිබන්ධව දැනුම්වත් කිරීම සඳහා රුපියල් මිලියන 30ක් වටිනා පරිගණක හා අනෙකුත් ශ්‍රව්‍ය දෘශ්‍ය උපකරණ කට්ටල බාර දීම සිදු කෙරුණා.

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර විසින් මෙම උපකරණ කට්ටල ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල් එච්. එම්.ඒ. එල් අබේරත්නට බාර දෙනු ලැබුවා.

-P.M

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us