ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් අධිවේගී සේවකයින් වර්ජනයක

Published in පුවත්
Wednesday, 22 November 2023 08:59

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් අධිවේගී මාර්ගවල සේවකයින් අද (22) දිනයේ සිය රාජකාරී කටයුතුවලින් ඉවත්වීමට තීරණය කර තිබේ.

මාර්ග සංවර්ධන අධිකාරියට අනුයුක්තව සේවය කරන 11,000ක පමණ සේවකයින් පිරිසක් මෙම වර්ජනය සඳහා එක් වන බව අධිවේගී මාර්ග සේවක සංගමයේ සභාපති යොහාන් හසිත මුණසිංහ සඳහන් කළේය.

"අපි අද උදේ 7 සිට රාත්‍රී 7 දක්වා අසනීප නිවාඩු ලබාගෙන සේවයට වාර්තා නොකිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයකට අද අවතීර්ණ වෙනවා. ඒ අවතීර්ණ වෙන්නේ අපේ ප්‍රධාන ඉල්ලීම් තුනක් මුල්කරගෙන. ප්‍රධාන ඉල්ලීම අපේ අධිවේගී මාර්ග ජාලය දැනට මාර්ග සංවර්ධන අධිකාරිය භාරයේ පවතින්නේ. 2023.06.23 වන දින කැබිනට් පත්‍රිකාවක් මගින් සමාගමක් මුදල් අමාත්‍යාංශය යටතේ පිහිටුවලා මේ අධිවේගී මාර්ග ජාලය ඒ සමාගම යටතට පවරා ගන්න යෝජනාවක් කරලා තිබුණා. ඒ වගේම ඒ යෝජනාවේ සඳහන් වෙනවා අධිවේගී මාර්ග රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්වය යටතේ ව්‍යාපාරයක් විදියට කරගෙන යන්න අවස්ථාව පිළිබඳ. ඒ සඳහා ආයෝජකයින් සඳහා සොයාබැලීමට අවසර දෙනවා කියලා. මේකත් එක්ක අපිට බියක් තියෙනවා අපේ රැකියා සුරක්ෂිතභාවය පිළිබඳව."

මෙම වර්ජනයට පිළියම් ලෙස අධිවේගී මාර්ග රාජකාරී සඳහා ආරක්ෂක අංශ යෙදවීමට අපේක්ෂා කරන බව මාර්ග සංවර්ධන අධිකාරිය පැවසුවේය.

-P.M

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us